නැමදුමට සුදුස්සා – 4

නැමදුමට සුදුස්සා – 4

මුස්ලිම්වරයෙක් කාරණා සතරකින් අල්ලාහ්ගේ ඒකීයත්වය ආරක්ෂා වන අන්දමින් නැමදුම් කටයුතු කළ යුතු යැයි නැමදුමට සුදුස්සා – 3 යන ලිපියෙහි සඳහන් කළෙමු. එයින් පළමුවැන්න වන  ‘ස්වාමිත්වයේ ඒකීයත්වය‘ ගැන එම ලිපියෙහි විස්තර කළෙමු.

           දැන් දෙවැන්න වන, ‘ නැමදුමට සුදුස්සා යන්නෙහි ඒකීයත්වය‘ යන්න ගැන විස්තරාත්මකව බලමු. දණහිස් දෙක බිම තබා තමාගේ පහත් භාවය පෙන්වීම, ආරක්ෂාව හා උපකාරය පතා ප්‍රාර්ථනා කිරීම යන කාරණාවන්හි යෙදීම ඉස්ලාමීය බැල්මෙන් ‘නැමදීම‘ යන ඝණයට ඇතුලත් වේ.

          නැමදුම් සියල්ල ආල්ලාහ්ට පමණක් කළ යුතු යැයි කුර්ආනය පවසයි. එසේ වුවද සමහර ජන කොටස් මෙම නැමදුම් කාර්යයන් අල්ලාහ් නොවන්නන්ටද කරති. එනම් තමාගේ නබිවරයාගේ පිළිරුවක් සාදා එය හමුවට ගොස් තම දණහිස් දෙක බිම තබා තමන්ගේ පහත් භාවය පෙන්වීම හා එම පිළිරුව හමුවට ගොස් ප්‍රාර්ථනාවල යෙදීම ආදී කාර්යයන්හි යෙදෙති. මිනිස් වර්ගයා ගත් කල, මිනිසා තමාගේ මැවීමක් යැයි අල්ලාහ් පවසයි. එහෙයින් තමා පෙන්වූ  ආකාරයට මිනිසා ජීවත්විය යුතු යැයි අල්ලාහ් කුර්ආනයේ පවසයි. එමෙන්ම අල්ලාහ් සියල්ල නිරීක්ෂණය කරමින් සිටින බවද පවසයි. එනිසා අල්ලාහ් ලොවේ සිටින සියළුම මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ගැන කුර්ආනයෙන් පවසයි.

  1. නැමදුමට සුදුස්සා යන්නෙහි ඒකීයත්වය

නැමදුම් කාර්යයන්හි යෙදෙන විට, අන් අයට හෝ අන් දේවලට නැමදුම් නොකර අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීම ‘නැමදුමට සුදුස්සා යන්නෙහි ඒකීයත්වය‘ රැකීම යනුවෙන් පවසනු ලැබේ.

දැන් අල්ලාහ් නොවන්නන්ට නැමදුම් කිරීම ගැන අල්ලාහ් කුර්ආනයෙහි කුමක් පවසයිදැ? යි දැන් බලමු.

28මර්යම්ගේ පුතා 29මසීහ්ම නියතව 1අල්ලාහ්’ යැයි පැවසුවෝ  12ප්‍රතික්ෂේප කළහ. 1අල්ලාහ් 28මර්යම්ගේ පුතා 29මසීහ්වද, ඔහුගේ 28මවවද, පොළොවෙහි සිටින සියල්ලන්වමද විනාශ කිරීමට සිතුවේ නම් ඔහුගෙන් සුළු වශයෙන් වුවද (වැළැක්වීමට) කවරෙක් හැකියාව ලබන්නේදැ? යි (නබි) ඔබ අසන්න! අහස්, පො‍ළොව හා ඒ දෙක අතර වූ දේහි  රාජ්‍යය 1අල්ලාහ්ටම අයත් ‍ වේ.  ඔහු සිතන දෙය මවන්නේය. 1අල්ලාහ් සියල්ල කෙරෙහිම ඉමහත්  හැකියාව ඇත්තාය. (ශු.කු.5:17)

 ‘28මර්යම්ගේ පුතා 29මසීහ්ම නියතව 1අල්ලාහ්’ යැයි පැවසුවෝ  12ප්‍රතික්ෂේප කළහ.  ඉහත 5:17 වන වැකියේ ‘මර්යම්ගේ පුතා මසීහ්‘ යනු ‘මේරි මාතාවගේ පුතා ජේසු‘ යන්න වේ. එනම් සමහර ජන කොටස් ජේසුට අල්ලාහ් යැයි පවසන බව ඉහත වැකියෙන් පැවසේ. එසේ පැවසුවෝ අල්ලාහ්ට අයත් නොවන බවද ඔවුහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ බවද 5:17 වන වැකිය පවසයි.

යම් හෙයකින් මේරිගේ පුතා ජේසුවද, ඔහුගේ මවවද,  පොළොවෙහි සිටින සියල්ලන්වමද විනාශ කිරීමට අල්ලාහ් සිතුවේ නම්, එම විපතින් සුළු වශයෙන් වුවද බේරාගැනීමට කවරෙක් හැකියාව ලබන්නේදැ? යි අල්ලාහ් ප්‍රශ්නයක් ලෙස අසයි. මෙයින් තමා සතු අසීමීත බලයද, තමාගේ ඒකීය භාවයද, අල්ලාහ් පැහැදිලිව පවසයි. එමෙන්ම ජේසු දෙවියා නොවන බවද අල්ලාහ් පැහැදිලි කරයි.

අහස්, පො‍ළොව හා ඒ දෙක අතර වූ දේහි  රාජ්‍යය 1අල්ලාහ්ටම අයත් ‍ බවද, වෙන කිසිවෙකුටත් එහි පාලනය නොමැති බවද ඔහු මෙම වැකියෙන් පවසයි.  අල්ලාහ් සිතන දෙය සිතන ආකාරයට මැවීමට හැකියාව ඇති කෙනාය. එක්තරා ජන කොටසක් පරීක්ෂාවට ලක් කිරීමට අල්ලාහ් පියෙකු නොමැතිව ජේසුව මැවූ බවද අල්ලාහ් මෙම වැකියෙන් පවසයි.

තමාට පෙර ඇති 2තව්රාතයෙහි ඇති දේ සැබෑ කරන්නා ලෙස 28මර්යම්ගේ පුතා 29ඊසාව (8නබිවරුන් වූ) ඔවුන්ගේ අඩි පාරවල්වල අඛණ්ඩව යෑමට අපි සැලැස්වූයෙමු. තවද, අපි ඔහුට 2ඉන්ජීලය ලබා දුනිමු. එහි යහමඟද ආලෝකයද ඇත. තවද, එය එයට පෙර ඇති තව්රාතය සැබෑ කළ හැකි දෙයක් ලෙසද, යහමඟ ලෙසද, බිය බැතියන්ට උපදේශය ලෙසද ඇත.(ශු.කු.5:46)

තමාට පෙර ඇති 2තව්රාතයෙහි ඇති දේ සැබෑ කරන්නා ලෙස: ජේසුට පෙර වූ වේදකය තව්රාතය නම් වේ. මෙය මෝසස් නම් නබිවරයාට දෙනු ලැබීය. ඉන්ජීලයේ තව්රාතය ගැනද පවසා තිබුණි. එහෙයින් ජේසු තව්රාතය ගැනද පැවසුවේය. මෙම ක්‍රියාවට ජේසු  තව්රාතය සැබෑ කළ බව අල්ලාහ් පවසයි.

28මර්යම්ගේ පුතා 29ඊසාව (8නබිවරුන් වූ) ඔවුන්ගේ අඩි පාරවල්වල අඛණ්ඩව යෑමට අපි සැලැස්වූයෙමු:   අල්ලාහ් විසින් ජනයින් හමුවට යවනු ලැබූ අනෙක් නබිවරුන් මෙන් ජේසුවද නබිවරුන්ගේ අඩි පාරවල්වල යැවූ බවද, අල්ලාහ් 5:46 වන වැකියෙන් පවසයි.

අපි ඔහුට 2ඉන්ජීලය ලබා දුනිමු: අන්තිම සමාජයට කුර්ආනය දුන්නා සේ, ජේසුගේ සමාජයට ඉන්ජීලය එනම් ගොස්පලය දුන් බවද අල්ලාහ් මෙහි පවසයි. එහෙයින් ජේසු දෙවියා නොව නබිවරයෙකු බව අල්ලාහ් මෙම වැකියෙන් ජනයාට පැහැදිලි කරයි.

28මර්යම්ගේ පුතා 29මසීහ්ම නියතව 1අල්ලාහ්’ යැයි පැවසුවෝ 12ප්‍රතික්ෂේප කළහ. ‘52ඉස්රායීල්ගේ දරුවෙනි! මාගේ 10ස්වාමියාද ඔබලාගේ 10ස්වාමියාද වූ 1අල්ලාහ්වම 16නමදින්නැ’ යි 29අල්මසීහ් පැවසුවේය. නියතව කවරෙක් 1අල්ලාහ්ට 17සම කිරීම් කරයිද ඔහුට 1අල්ලාහ් 22ස්වර්ගය වැළැක්වූයේය. ඔහුගේ නවාතැන 21නිරයමය! අපරාධකරුවන්ට කිසිම උදවුකරුවන් නැත.(ශු.කු.5:72)

 ‘28මර්යම්ගේ පුතා 29මසීහ්ම නියතව 1අල්ලාහ්’ යැයි පැවසුවෝ 12ප්‍රතික්ෂේප කළහ: මේරිගේ පුතා දෙවියාය, එනම් අල්ලාහ් නම් දෙවියාය යි පැවසුවෝ අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළහ යි අල්ලාහ් මෙම වැකියෙන් පවසයි. ජේසුගේ සමාජයට ඉස්රායීල්ගේ දරුවන් යැයි පවසනු ලැබේ.

52ඉස්රායීල්ගේ දරුවෙනි! මාගේ 10ස්වාමියාද ඔබලාගේ 10ස්වාමියාද වූ 1අල්ලාහ්වම 16නමදින්නැ’ යි 29අල්මසීහ් පැවසුවේය: නමුත් මෙම ජේසු ඉස්රායීල්ගේ දරුවන්ට නබිවරයෙකු වශයෙන් පැමිණි අවස්ථාවේදී, ‘මාගේ ස්වාමියාද ඔබලාගේ ස්වාමියාද වන අල්ලාහ්ටම නැමදුම් කරන්න‘ යනුවෙන්ම පැවසුයේය යි අල්ලාහ් මෙම වැකියෙන් පවසයි.

නියතව කවරෙක් 1අල්ලාහ්ට 17සම කිරීම් කරයිද ඔහුට 1අල්ලාහ් 22ස්වර්ගය වැළැක්වූයේය.  එමෙන්ම  කවරෙක් අන් අයට නැමදුම් කිරීම මගින් අල්ලාහ්ට සම කිරීම් කරයිද එවැනි අයට අල්ලාහ් ස්වර්ගය වැළැක්වූ බවද පවසයි.

ඔහුගේ නවාතැන 21නිරයමය! එසේ සම කිරීම් කරන්නන්ගේ එලොවේ නවාතැන වනුයේ නිරය බවද පවසයි.

අපරාධකරුවන්ට කිසිම උදවුකරුවන් නැත.මෙවැනි සම කිරීම් කරන අපරාධකාරයින්ට එලොවේදී කිසිම උදවුකරුවෙකු නොමැති බවද අල්ලාහ් 5:72 වන වැකියෙන් පවසයි.

ඕ: 28මර්යම්ගේ පුතා 29ඊසා! ‘1අල්ලාහ්ව හැර මාවද මාගේ මවවද 16නැමදුමට සුදුස්සන් දෙදෙනෙකු ලෙස අරගන්නැ’ යි මිනිසුන්ට ඔබ පැවසුවෙහිදැ? යි 1අල්ලාහ් අසන විට, (එයට) ඔහු ‘ඔබ 47සුවිශුද්ධවන්තයාය; මට අයිතියක් නොමැති දේ මා පැවසීමට මට කිසිදු බලයක් නොමැත. මා එසේ පවසා සිටියේ නම් නියතව එය ඔබ දැන සිටින්නෙහිය. මාගේ සිතෙහි ඇති දේ ගැන ඔබ දනිහිය. නමුත් ඔබගේ සිතෙහි ඇති දේ ගැන මම නොදනිමි. නියතව ඔබමය  5අදෘශ්‍යමාන දේ ගැන හොඳින් දන්නාය’ යි පවසන්නේය. (ශු.කු. 5:116)

ඉස්ලාමයේ ඉගැන්වීම්වලට අනුව ලෝක විනාශයෙන් පසුව අළුත් ලොවක් ඇති වේ. එම ලොවට විවිධ අය විවිධ නම් පැවසුවද අපගේ ලිපිවල එයට එලොව යැයි උපයෝගී කර ඇත්තෙමු. එලොවේදී අල්ලාහ් විසින් සියළුම ජන කොටස් හමුවෙහි විනිශ්චය දීමක් සිදු කෙරේ. ක්‍රිස්තියානි සමාජය ජේසුව දෙවියා ලෙස අරගෙන ජේසුට නැමදුම් කිරීමේ ක්‍රියාව ගැනද අල්ලාහ් එහිදී තමාගේ විනිශ්චය ලබාදෙන්නේය.

ඕ: 28මර්යම්ගේ පුතා 29ඊසා! ‘1අල්ලාහ්ව හැර මාවද මාගේ මවවද 16නැමදුමට සුදුස්සන් දෙදෙනෙකු ලෙස අරගන්නැ’ යි මිනිසුන්ට ඔබ පැවසුවෙහිදැ? යි 1අල්ලාහ් අසන විට,  එම විනිශ්චය දිනයේදී, අල්ලාහ් ජේසුගේ සමාජය හමුවට ජේසුව කැඳවා,  ‘ඕ: 28මර්යම්ගේ පුතා 29ඊසා! ‘1අල්ලාහ්ව හැර මාවද මාගේ මවවද 16නැමදුමට සුදුස්සන් දෙදෙනෙකු ලෙස අරගන්නැ’ යි මිනිසුන්ට ඔබ පැවසුවෙහිදැ? යි විමසන්නේය.

(එයට) ඔහු ‘ඔබ 47සුවිශුද්ධවන්තයාය; එවිට (එයට) ඔහු ‘ඔබ 47සුවිශුද්ධවන්තයාය; යි පවසයි. එනම් අල්ලාහ්ට කිසිම කෙනෙකු සමවීමක් නොවන හෙයින් අල්ලාහ් සුවිශුද්ධවන්තයාය යි පවසයි.

මට අයිතියක් නොමැති දේ මා පැවසීමට මට කිසිදු බලයක් නොමැත.  තමා නබිවරයෙකු බැවින් තමාට අයිති නොමැති දෙයක් පැවසීමට තමාට කිසිදු බලයක් නොමැති බවද එම විනිශ්චය දිනයේදී ජේසු ජනයා හමුවෙහි පවසන්නේය.

2වේදකය ඇත්තනි! ඔබලා ඔබලාගේ ධර්මයෙහි සීමාව නොඉක්මවන්න. 1අල්ලාහ් කෙරෙහි සත්‍යය හැර වෙන කිසිවක් නොපවසන්න. 28මර්යම්ගේ පුතා 29ඊසා අල්මසීහ් 1අල්ලාහ්ගේ 8දූතයාද ඔහුගේ (වෙනු යන) වදනද වේ. ඔහු එය 28මර්යම් කෙරෙහි (30ජිබ්රීල් මගින්) දැම්මේය. තවද (ඔහු) ඔහුගෙන් පැමිණි එක් ආත්මාවෙකුමය. එහෙයින්, 1අල්ලාහ්වද ඔහුගේ 8දූතයින්වද ඔබලා 6විශ්වාස කරන්න. (16නැමදුමට සුදුස්සන්) තුන් දෙනෙකි යි නොකියන්න. එය හැර දමන්න. (එය) ඔබලාට යහපත වේ. (සැබැවින්ම) 16නැමදීම් ලැබීමට සුදුස්සා 1අල්ලාහ් පමණක්මය. ඔහු ඔහුට දරුවෙකු සිටීමෙන් 47සුවිශුද්ධවන්තයාය. අහස්හි ඇති දේද පොළොවෙහි ඇති දේද ඔහුටම අයත්ය. වගකීම් භාරගැනීමට 1අල්ලාහ්ම ප්‍රමාණවත්ය. (ශු.කු. 4:171)

2වේදකය ඇත්තනි!  වේදකය ඇත්තන් යනු, අවසාන සමාජය වන අප ජීවත්වන සමාජයට පෙර අල්ලාහ් විසින් වේදක දෙනු ලැබූ සමාජ දෙකකටය. ඒවා නම්, ක්‍රිස්තියානි සමාජය හා යුදෙව් සමාජය වේ.

ඔබලා ඔබලාගේ ධර්මයෙහි සීමාව නොඉක්මවන්න. ක්‍රිස්තියානි සමාජයේ අය කෙතරම් තමන්ගේ වේදකය වෙනස් කර, බොරු පැවසුවාද? යන්න ගැන අල්ලාහ් කුර්ආනයේ 4:171 වන වැකියෙන් පවසයි. ක්‍රිස්තියානිවරුන් සීමාව ඉක්මවා බොරු පැවසූ හෙයින් අල්ලාහ් එම සමාජයේ අයට,‘ ඔබලා ඔබලාගේ ධර්මයෙහි සීමාව නොඉක්මවන්න.‘ යැයි පවසයි.

1අල්ලාහ් කෙරෙහි සත්‍යය හැර වෙන කිසිවක් නොපවසන්න.  ක්‍රිස්තියානි සමාජය ඔවුන්ගේ ධර්මයෙහි සීමාව ඉක්මාව බොරු පැවසීම ගැන අල්ලාහ් විස්තරව පවසයි. ඔවුන් අල්ලාහ් ගැන සීමාව ඉක්මවා බොරු පැවසූ හෙයින්, ‘1අල්ලාහ් කෙරෙහි සත්‍යය හැර වෙන කිසිවක් නොපවසන්න.‘ යැයි අල්ලාහ් මෙම වැකියෙන් පවසයි.

28මර්යම්ගේ පුතා 29ඊසා අල්මසීහ් 1අල්ලාහ්ගේ 8දූතයාද ඔහුගේ (වෙනු යන) වදනද වේ   ක්‍රිස්තියානි සමාජයේ අය, ජේසු දෙවියාය,‍ දෙවියාගේ පුත්‍රයාය යැයි පවසති. ‘28මර්යම්ගේ පුතා 29ඊසා අල්මසීහ් 1අල්ලාහ්ගේ 8දූතයාද ඔහුගේ (වෙනු යන) වදනද වේ‘ යැයි අල්ලාහ් මෙම වැකියෙන් පවසයි. එනම් මේරිගේ පුතා ජේසු අල්ලාහ් හෝ අල්ලාහ්ගේ පුත්‍රයා නොව, අල්ලාහ් විසින් ජනයා හමුවට යවනු ලැබූ දූතයෙකු බව පවසයි. එමෙන්ම ඔහු දෙවියාට දාව උපන් දේව පුත්‍රයා නොවන බවද, පියෙකු නොමැතිව අල්ලාහ්ගේ ‘වෙනු‘ යන වදන මගින් උපත ලැබූ මිනිසෙකු බවද අල්ලාහ් මෙම වැකියෙන් පවසයි.

ඔහු එය 28මර්යම් කෙරෙහි (30ජිබ්රීල් මගින්) දැම්මේය. එනම් අල්ලාහ්ගේ පණිවුඩ ගෙන එන ගේබ්‍රියල් නම් දූතයා මගින් අල්ලාහ් එම වදන මේරි කෙරෙහි දැමූ බවද මෙම වැකියෙන් අල්ලාහ් පවසයි.

තවද (ඔහු) ඔහුගෙන් පැමිණි එක් ආත්මාවෙකුමය. ජේසු අනෙක් අය මෙන් අල්ලාහ්ගේ අනුමැතිය මත බිහිවූ ආත්මාවක් බවද අල්ලාහ් මෙම වැකියෙන් පවසයි.

එහෙයින්, 1අල්ලාහ්වද ඔහුගේ 8දූතයින්වද ඔබලා 6විශ්වාස කරන්න. එහෙයින් අල්ලාහ්ව එකම දෙවියා ලෙසටත්, ජේසුව අල්ලාහ්ගේ දූතයා ලෙසටත් විශ්වාස කරන්නැ යි අල්ලාහ් ක්‍රිස්තියානි සමාජයට පවසයි.

 (16නැමදුමට සුදුස්සන්) තුන් දෙනෙකි යි නොකියන්න.  ක්‍රිස්තියානිවරු දෙවියන් තුන් දෙනෙකි යි පවසති. එහෙයින්  (16නැමදුමට සුදුස්සන්) තුන් දෙනෙකි යි නොකියන්න. යි අල්ලාහ් ක්‍රිස්තියානි සමාජයට පවසයි.

එය හැර දමන්න. එය අසත්‍යයක් බැවින් එසේ පැවසීමෙන් වැළකී සිටින්නැ යි අල්ලාහ් පවසයි. එම කාරණය එය හැර දමන්න යි අල්ලාහ් මෙම වැකියෙන් පවසයි.

(එය) ඔබලාට යහපත වේ . නැමදුමට සුදුස්සන් තුන්දෙනෙකි යි පැවසීමෙන් වැළකී සිටීමෙන් ඔබලාට යහපතම සිදුවේ යැයි අල්ලාහ් පවසයි. අල්ලාහ් එම කාරණය (එය) ඔබලාට යහපත වේ යැයි මෙම වැකියෙන් පවසයි.

(සැබැවින්ම) 16නැමදීම් ලැබීමට සුදුස්සා 1අල්ලාහ් පමණක්මය.  අල්ලාහ් නැවත වතාවක් (සැබැවින්ම) 16නැමදීම් ලැබීමට සුදුස්සා 1අල්ලාහ් පමණක්මය යන විෂයය ක්‍රිස්තියානි සමාජයට මතක් කරයි.

ඔහු ඔහුට දරුවෙකු සිටීමෙන් 47සුවිශුද්ධවන්තයාය.   දරුවෙකු ඇති කරගැනීමේ අවශ්‍යතාවය ඇත්තේ මරණයට පත්වීමට සිටින මිනිසා වැනි වර්ගයාටය. නමුත් අල්ලාහ් සදාකාලිකව ජීවමානව සිටින්නාය. එහෙයින් ඔහු මිනිස් ගුණංගවලින් ඈත්වූ කෙනාය. එනම් ඔහු සුවිශුද්ධවන්තයාය. මෙම කාරණය අල්ලාහ් කුර්ආනයෙහි, ඔහු ඔහුට දරුවෙකු සිටීමෙන් 47සුවිශුද්ධවන්තයාය යි පවසයි.

 අහස්හි ඇති දේද පොළොවෙහි ඇති දේද ඔහුටම අයත්ය.   අහස් හා පොළොවෙහි ඇති දේ සියල්ලම අල්ලාහ් විසින් මවනු ලැබූ දේවල්ය. එහෙයින් ඒවායෙහි අයිතිකරු අල්ලාහ්ය. මෙම කාරණය අල්ලාහ් කුර්ආනයෙහි අහස්හි ඇති දේද පොළොවෙහි ඇති දේද ඔහුටම අයත්ය යි පවසයි.

වගකීම් භාරගැනීමට 1අල්ලාහ්ම ප්‍රමාණවත්ය. එහෙයින් මිනිසාගේ ක්‍රියාකාරකම් ගැන වූ වගකීම් භාරගැනීමට අල්ලාහ් සමඟ වෙනත් අයෙකු අවශ්‍ය නොවන බැවින්  වගකීම් භාරගැනීමට 1අල්ලාහ්ම ප්‍රමාණවත්ය යි කුර්ආනයෙහි පවසයි.

එහෙයින් අහස් හා පොළොවෙහි ඇති සියල්ලම මැව්වේ අල්ලාහ්මය. එහෙයින් මිනිසා ඇතුළු සියල්ලේම අයිතිකරු අල්ලාහ්මය. එහෙයින් මිනිසා ඇතුළු සියල්ලම අල්ලාහ්ටම අයත්ය. සියල්ලම අල්ලාහ්ටම අයත් බැවින් මිනිසාගේ නැමදුමට අයත් එකම සුදුස්සා අල්ලාහ් පමණක්මය යන්න කුර්ආනය පවසන වැදගත් කාරණාවලින් එකකි.

එමෙන්ම ජේසු දෙවියෙකු නොවේ යැයිද කුර්ආනය පවසයි. එමෙන්ම දේව පුත්‍රයාද නොවේ යැයි ද පවසයි. ජේසුගේ ඉපැදීම අල්ලාහ්ගේ හැකියාවක් විදහා පාන්නකි. එනම් පිරිමි සම්බන්ධතාවයක් නොමැතිවද ස්ත්‍රියකගේ කුසයෙහි දරුවෙකුව ගැබ්ගැන්වීමේ හැකියාවක් අල්ලාහ්ට ඇත යන සත්‍යය සනාථ කරන සාක්ෂියකි.

එසේම පළමු මිනිසාගේ ඉපැදීම ගත් කල, එය පිරිමි හෝ ගැහැණු සම්බන්ධතාවයකින් තොරව අළුතින්ම ආරම්භ වූ ආත්මාවක් බවද කුර්ආනය පවසයි. එහෙයින් ජේසුගේ ඉපැදීම මිනිස් වර්ගයාගේ පියා වූ ආදම්ගේ ඉපැදීමට සමාන යැයි අල්ලාහ් කුර්ආනය පවසයි.

එහෙයින් ‘නැමදීමට සුදුස්සා අල්ලාහ් පමණක්මය‘ යන්න කුර්ආනය ස්ථීරවම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *