දවසක මෙම අහස හා ලොව විනාශයට පත් කිරීම

දවසක මෙම අහස හා ලොව විනාශයට පත් කිරීම

           දවසක මෙම අහස හා ලොව විනාශයට පත්කිරීමක් ගැනද කුර්ආනයේ සඳහන් වේ. මිනිසා, අනෙකුත් ජීවීන් ඇතුළු මෙම මුලු විශ්වයම අල්ලාහ් මැවූ බව ‘මිනිසාගේ ස්වාමියා’ යන මාතෘකාව යටතේ පළවූ ලිපිවල පැහැදිලි  කර ඇත්තෙමු. කෙනෙක් යමක් මැව්වේ නම් ඔහුට තමා මැවූ දෙය පාලනය කිරීමේ ශක්තියක්ද තිබිය යුතුය. ඒ අනුව අල්ලාහ් මේ සියල්ල පාලනය කරන බවද පැහැදිලි කර ඇත්තෙමු.

               ඊළඟ ප්‍රශ්නය වනුයේ විනාශයට පත්කිරීමය. කෙනෙක් යම් දෙයක් මැව්වේ නම්, තමා විසින් මවනු ලැබූ දෙය විනාශයට පත් කිරීමේ හැකියාවක් නොමැති නම් ඔහුට එම දෙය පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව කිව හැකිය.

             අල්ලාහ් විසින් මවනු ලැබූ සියළුම දේවලට කාල වකවානුවක් එනම් අවසානයක් නියම කර ඇත. මිනිසාද මෙම න්‍යායට හසුවෙන ජීවියෙකි. මිනිසාගේ කාලය මරණයෙන් අවසන් වේ. තමා විසින් මවනු ලැබූ අහස් හා පොළොවේ අවසානය ගැනද අල්ලාහ් කුර්ආනයේ සඳහන් කර ඇත. ඒ සම්බන්ධව පවසා ඇති වැකි බොහෝමයක් ඇතත් වැකි කීපයක් ගැන දැන් බලමු.

 

(:නබි!) ඔබ, අහස පැහැදිලි දුමාරයක් ගෙන එන දවස බලාපොරොත්තුවෙන් සිටින්න! (ශු.කු.44:10)

     අහස විනාශවීමට සමීප වන කල, අහසින් පැහැදිලිව දුමාරයක් පිවවෙන බව අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.

 

9එම දවසෙහි අහස බලවත්ව චලනය වී භ්‍රමණය වන්නේය. (ශු.කු.52:9)

       අහස විනාශයට පත්වෙන දවසේදී අපගේ ඇසට පෙනෙන පළමු අහස බලවත්ව චලනය වී භ්‍රමනය වන බවද අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.

 

අහස පැලෙන කල, එය තෙල සේ රෝස පැහැය වන්නේය. (ශු.කු.55:37)

      අහස විනාශයට පත්වෙන අවස්ථාවේදී එය පැලීමට ලක්වෙන බවද, එය තෙල සේ රෝස පැහැයට පත්වෙන බවද අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.

 

එම දවසෙහි අහස උණු කරනු ලැබූ තඹ සේ වන්නේය.(ශු.කු.70:8)

අහස විනාශයට පත්වෙන අවස්ථාවේදී එය උණු කරනු ලැබූ තඹ සේ වන්නේය යි අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.

 (ඕ:නබි!) ඔවුහු ඔබගෙන් කඳු ගැන අසති. ‘මාගේ 10ස්වාමියා ඒවා (සහමුලින් කඩා දමා) සුනු විසුනු කර දමන්නේය’ යි ඔබ පවසන්න! (ශු.කු.20:105)

ලොව විනාශය ගැන මුහම්මද් නබි (සල්) එකල විසූ ජනයාට පැවසූ කල, එදින කඳුවලට කුමක් සිදුවේදැ? යි එම ජනයා ඇසූහ. එයට පිළිතුරු වශයෙන් අල්ලාහ් ‘මාගේ 10ස්වාමියා ඒවා (සහමුලින් කඩා දමා) සුනු විසුනු කර දමන්නේය’ යි එම ජනයාට පවසන ලෙසට තම නබිවරයාට දැනුම්දුන්නේය.

පසුව ඒවා සම තැනිතලාවක් ලෙස අත හැර දමන්නේය. (ශු.කු.20:106)

පසුව අප වෙසෙන භූමිය සම තැනිතලාවක් බවට පත්වෙන බවද අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.

ඔබ එහි බැස්මක් හෝ නැග්මක් හෝ නොදකින්නෙහිය. (ශු.කු.107)

එහි බැසීමක් හෝ නැගීමක් දක්නට නොලැබෙන බවද අල්ලාහ් වැඩිදුරටත් පවසයි.

     එහෙයින් අහස් හා පොළොවෙහි සත්‍ය ස්වාමියාද අල්ලාහ්ම වේ යන්න මෙයින්ද පැහැදිලි වේ. ස්වාමියා යනු, මවා, අවශ්‍ය පරිසරය සකස් කර, ආරක්ෂා කර පාලනය කරන්නා යන අරුථ වේ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *