කුර්ආනයේ වැකි වෙනස් කළ නොහැකිද?

කුර්ආනයේ  වැකි වෙනස් කළ නොහැකිද?                         කුර්ආනයේ සමහර වැකි ගැන තමන් නොසතුටට පත්වන බැවින්  එවැනි වැකි කුර්ආනයෙන් ඉවත් කළ නොහැකිදැ? යි සමහර මුස්ලිම් නොවන සහෝදරයෝ ප්‍රශ්න කරති.           මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට පෙර එදිනෙදා ජීවිතයේදී බලපාන ප්‍රශ්නයක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් එම ප්‍රශ්නය ගැන මනා අවබෝධයක් ඇති කරගැනීම වඩාත් පහසු කාර්යයක් වන්නේය            කෙනෙක් තම දරුවෙකුව පාසැලකට Read More…

නැමදුමට සුදුස්සා – 4

නැමදුමට සුදුස්සා – 4 මුස්ලිම්වරයෙක් කාරණා සතරකින් අල්ලාහ්ගේ ඒකීයත්වය ආරක්ෂා වන අන්දමින් නැමදුම් කටයුතු කළ යුතු යැයි නැමදුමට සුදුස්සා – 3 යන ලිපියෙහි සඳහන් කළෙමු. එයින් පළමුවැන්න වන  ‘ස්වාමිත්වයේ ඒකීයත්වය‘ ගැන එම ලිපියෙහි විස්තර කළෙමු.            දැන් දෙවැන්න වන, ‘ නැමදුමට සුදුස්සා යන්නෙහි ඒකීයත්වය‘ යන්න ගැන විස්තරාත්මකව බලමු. දණහිස් දෙක බිම තබා තමාගේ පහත් භාවය Read More…

නැමදුමට සුදුස්සා – 3

නැමදුමට සුදුස්සා – 3           අල්ලාහ් මිනිසාව මවා, අවශ්‍ය පරිසරය සකසා, ආරක්ෂාව සපයා, පාලනය කරන්නාය. මේ අන්දමින් ක්‍රියා කරන්නාට ඉස්ලාමය ස්වාමියා යැයි පවසයි. එහෙයින් අල්ලාහ් නම් දෙවියා මිනිස් වර්ගයාගේ සත්‍ය ස්වාමියාය.            සත්‍ය ස්වාමියාව හැර දමා අන් අයට නැමදුම් කිරීම බලවත් වැරැද්දක් බවද සදාකාලිකව නිරයේ ගින්නෙහි සිටීමට හේතු වන බවද කුර්ආනය පවසයි. මෙම සත්‍යය ඇතුළු Read More…

නැමදුමට සුදුස්සා – 2

නැමදුමට සුදුස්සා – 2              ලෝකයේ මිනිසුන් නැමදුම් කරන දේවල් බොහෝමයක්ම ඇත. ආගමික නායකයින්, ආගමික දර්ශනය පෙන්වූ අයගේ පිළිරූ, ගස්, සූර්යයා, බඳින ලද සොහොන්, අල්ලාහ් නම් දෙවියා, විවිධ දේව රූප මිනිසුන් නැමදුම් කරන දේවල්වලින් සමහරක් වේ.            මෙයින් අල්ලාහ් නම් දෙවියා තමා පමණක් නැමදුමට සුදුසු එකම කෙනා බව තමා විසින් අවසාන වරට පහළ කළා වූ Read More…

නැමදුමට සුදුස්සා – 1

නැමදුමට සුදුස්සා – 1               ඉස්ලාම් ධර්මය ගත් කල, නැමදුම යන කාර්යයට වැදගත් ස්ථානයක් ලබා දෙයි. මිනිසා විසින් කරන්නා වූ නැමදුම් කාර්යයන් ගැන ඉස්ලාම් ධර්මය ඉතාමත්ම විස්තරාත්මකව මෙන්ම පැහැදිලිව පවසන බවක් පෙනේ.      එමෙනේම ලොව ජීවත්වන්නා වූ ජනයාගෙන් වැඩි කොටසක් නැමදුම් කටයුතුවල යෙදෙති. එහෙයින් මෙම විෂයය මිනිසාගේ ජීවිතයට වැදගත් කාරණයක් වන්නේය. දැන් ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුව නැමදුම Read More…

විනිශ්චය දිනය

විනිශ්චය දිනය කුර්ආනය විනිශ්චය දිනයක් ගැනද විස්තරව පවසයි. කුර්ආනය පවසන කාරණාවන්හි විනිශ්චය දිනයද වැදගත් ස්ථානයක් ගනී. එයට හේතුව මෙම විශ්වාසය ඇති තැනැත්තා තමාගේ ජීවිතය නිසිලෙස සකසා ගන්නේය. දැන් කුර්ආනය විනිශ්චය දිනය ගැන පවසන දේවලින් සමහරක් ගැන දැන් බලමු.          දවසක මෙම ලොව විනාශයට පත්වන්නේය. එම අවස්ථාවේදී ජීවත්වෙමින් සිටින මිනිසා ඇතුළු සියළුම ජීවීන් එකල මරණයට පත්වන්නේය. Read More…

එක්රැස් කරනු ලබන දිනය

එක්රැස් කරනු ලබන දිනය              අප ජීවත්වන මෙම ලොව දවසක විනාශයට පත්වන්නේය. එනම් අල්ලාහ් මෙම ලොව දවසක විනාශයට පත්කරන්නේය. මෙම ලොව  බලවත් චලනයකට හසුවී සියළුම දේ විනාශයට පත්වන්නේය. එහිදී මිනිසා ඇතුළු සියළුම ජීවීන් මරණයට පත්වන්නේය. මෙම සිදුවීමත් සමඟ අලුත් ලොවක් ඇති වේ. මෙම ලොවට එලොව යැයි පවසනු ලැබේ. සමහරු මෙම එලොව යන වචනයට පරලොව යන Read More…

නැගිට්ටුවනු ලබන දිනය

එලොවේදී සිදුවන විවිධ කාර්යයන් එලොව ඇතිවීමෙන් අනතුරුව විවිධ වැදගත් සිදුවීම් රාශියක් සිදුවේ. එලොවෙහි ඇතිවන සිදුවීම් මිනිසාට ඉතාමත් වැදගත් වන බැවින් යම් යම් සිදුවීම් මුල් කරගෙන එලෝ දිනය විවිධ නම්වලින් හැඳින් වේ. එලෝ දිනය නැගිට්ටුවනු ලබන දිනය එක්රැස් කරන දිනය විනිශ්චය දිනය ඉන් කීපයකි.   නැගිට්ටුවනු ලබන දිනය නැගිට්ටුවනු ලබන දිනය යැයි මෙම දිනයට කෙටියෙන් පැවසුවද, Read More…

එලොව ඇතිවන දිනය හා එම කාර්යයෙහි වේගවත් භාවය

එලොව ඇතිවන දිනය හා එම කාර්යයෙහි වේගවත් භාවය           මෙම පරිවර්තනයෙහි එලොව යැයි සඳහන් කළද, සමහර පරිවර්තනවල පරලොව යන වචනයද උපයෝගී කර ඇත. අප ජීවත්වන මෙම ලොව දවසක විනාශයට පත්කරන බව අල්ලාහ් කුර්ආනයෙහි පවසයි. එසේ විනාශයට පත්වන අවස්ථාවේදී සිටින මිනිසුන් ඇතුළු අනෙක් සියළුම ජීවීන්ද විනාශයට පත්වේ. එයට පසුව නැවත වතාවක් මෙම ලොවට වඩා වෙනස් වෙනත් Read More…

දවසක මෙම අහස හා ලොව විනාශයට පත් කිරීම

දවසක මෙම අහස හා ලොව විනාශයට පත් කිරීම            දවසක මෙම අහස හා ලොව විනාශයට පත්කිරීමක් ගැනද කුර්ආනයේ සඳහන් වේ. මිනිසා, අනෙකුත් ජීවීන් ඇතුළු මෙම මුලු විශ්වයම අල්ලාහ් මැවූ බව ‘මිනිසාගේ ස්වාමියා’ යන මාතෘකාව යටතේ පළවූ ලිපිවල පැහැදිලි  කර ඇත්තෙමු. කෙනෙක් යමක් මැව්වේ නම් ඔහුට තමා මැවූ දෙය පාලනය කිරීමේ ශක්තියක්ද තිබිය යුතුය. ඒ අනුව Read More…