එක්රැස් කරනු ලබන දිනය

එක්රැස් කරනු ලබන දිනය

             අප ජීවත්වන මෙම ලොව දවසක විනාශයට පත්වන්නේය. එනම් අල්ලාහ් මෙම ලොව දවසක විනාශයට පත්කරන්නේය. මෙම ලොව  බලවත් චලනයකට හසුවී සියළුම දේ විනාශයට පත්වන්නේය. එහිදී මිනිසා ඇතුළු සියළුම ජීවීන් මරණයට පත්වන්නේය. මෙම සිදුවීමත් සමඟ අලුත් ලොවක් ඇති වේ. මෙම ලොවට එලොව යැයි පවසනු ලැබේ. සමහරු මෙම එලොව යන වචනයට පරලොව යන වචනයද යොදති.

      මරණයට පත් වූ මිනිස්සු සියල්ලෝම මෙම එලොවේදී අල්ලාහ් විසින් නැවත පණ දී නැගිට්ටවනු ලබන්නෝය. (මෙම දිනය ගැන දැනගැනීමට නැගිට්ටවනු ලබන දිනය යන්න ක්ලික් කරන්න)

          මෙසේ නැවත පණ දී නැගිට්ටවනු ලැබූ මුළු මිනිස් වර්ගයාවම ප්‍රශ්න කිරීම පිණිස එක් විශාල තැනිතලාවකට එක්රැස් කරනු ලැබේ. එහෙයින් එලොව, නැත්නම් එලෝ දිනය යන්නට එක්රැස් කරනු ලබන දිනය යනුවෙන්ද  කුර්ආනය සමහර අවස්ථාවන්හි පවසයි.

දැන් මෙම එක්රැස් කරනු ලබන දිනය ගැන කුර්ආනය කුමක් පවසයිදැ? යි බලමු.

 (සැබැවින්ම)  16නැමදුම් ලැබීමට සුදුස්සා 1අල්ලාහ් හැර වෙන කිසිවෙකු නොමැත. නියතව ඔහු 9එලෝ දිනයෙහි ඔබලාව එක්රැස් කරන්නේය. එහි කසිදු සැකයක් නැත. 1අල්ලාහ්ට වඩා කීමෙහි වඩාත්  සත්‍යවන්තයා කවරෙක්ද? (ශු.කු. 4:87)

           මිනිසාගේ නැමදුම් ලැබීමේ අයිතිය ඇත්තේ තමාට පමණක් බව අල්ලාහ් කුර්ආනයෙහි පැහැදිලිවම පවසයි. එයට හේතුව මිනිසාගේ සත්‍ය සවාමියා අල්ලාහ් පමණක් බවද අල්ලාහ් කුර්ආනයෙහි පවසයි. මෙය ගැන විස්තරව ලිපි කීපයක්ම මිනිසා හා ස්වාමියා යන මාතෘකාව යටතේ පළ කර ඇත්තෙමු. එම ලිපි කියවීමට මිනිසා හා ස්වාමියා යන මාතෘකාව ක්ලික් කරන්න!

දැන් ඉහත දැක්වූ ශු:කු: 4:87 වන වැකිය දෙස බලමු.

එහෙයින් නැමදුම් ලැබීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නොමැත(ශු.කු. 4:87) යැයි ශු.කු. 4:87 වන වැකිය පවසයි.

නියතව ඔහු 9එලෝ දිනයෙහි ඔබලාව එක්රැස් කරන්නේය. (ශු.කු. 4:87) නියතව එනම් ස්ථීර වශයෙන්ම අල්ලාහ් වන ඔහු මිනිසුන් සියල්ලන්වම නැවත පණ දී නැගිට්ටුවා ප්‍රශ්න කිරීම පිණිස එක්රැස් කරන්නේය යි අල්ලාහ් මෙම වැකියෙන් පවසයි.

එහි කසිදු සැකයක් නැත. (ශු.කු. 4:87) මෙම සිදුවීමෙහි කිසිදු සැකයක් නොමැති බවද අල්ලාහ් මෙම වැකියෙන් පවසයි.

1අල්ලාහ්ට වඩා කීමෙහි වඩාත්  සත්‍යවන්තයා කවරෙක්ද? (ශු.කු. 4:87) මෙම විෂයය ගැන විවිධ අය විවිධ කථා පැවසුවද මෙම කීම්වලින් වඩාත් සත්‍යය පවසන සත්‍යවන්තයා අල්ලාහ්ට වඩා කිසිවෙකුත් නොමැති බව අල්ලාහ් මෙම වැකියෙන් මිනිසාට පවසයි.

අපි 9එලෝ දිනයෙහි (ඔවුන්ව) අන්ධයින් ලෙසද, ගොළුවන් ලෙසද, බිහිරන් ලෙසද තමන්ගේ මුහුණුවලින් (ගමන් කරන්නන් ලෙසද) එක් රැස් කරන්නෙමු. ඔවුන්ගේ නවාතැන 21නිරය වේ. එය නිවී යන සෑම  වේලාවේදීම දළු ලන ගින්න අපි ඔවුනට අධික කරන්නෙමු. (ශු.කු. 17:97)

දැන් කුර්ආනයේ 17:97 වන වැකිය කුමක් පවසයිදැ?යි බලමු.

අපි 9එලෝ දිනයෙහි (ඔවුන්ව) අන්ධයින් ලෙසද, ගොළුවන් ලෙසද, බිහිරන් ලෙසද තමන්ගේ මුහුණුවලින් (ගමන් කරන්නන් ලෙසද) එක් රැස් කරන්නෙමු.(ශු.කු. 17:97)

          එනම් මෙම ලොවේදී අල්ලාහ්ව නොපිළිගත් අය, එලොවක් ඇති බව නොපිළිගත් අය, කුර්ආනය තම වේදකය ලෙස පිළිගෙන එයට අනුව ජීවත් නොවූ අය, යනාදීන් නැවත පණ දී නැගිට්ටුවන අවස්ථාවේදී ඔවුන්ව අන්ධයින් ලෙසද, ගොළුවන් ලෙසද, බිහිරන් ලෙසද නැගිට්ටුවන බව අල්ලාහ් මෙම වැකියෙන් පවසයි.

           එසේම මෙවැන්නෝ එලොවේදී තමන්ගේ පාවලින් ගමන් කිරීමේ ශක්තිය නොලබන්නෝය. එනම් ඔවුන්ට ඔවුන්ගේ පාවලින් ගමන් කළ හැකි ශක්තිය නැති කර ඔවුන්ව ඔවුන්ගේ මුහුණුවලින් ගමන් කිරීමට අල්ලාහ් සළස්වන්නේය.

අප කඳු ඉවත් කරවා, පොළොව හිස් තැනිතලාවක් ලෙස ඔබ දකින දවස ගැන (සිතා බලන්න!) අපි ඔවුන්ව එක්රැස් කරන්නෙමු. ඔවුන්ගෙන් කවරෙකුව වුවද අපි අත නොහරින්නෙමු. (ශු.කු. 18:47)

       දැනට ලොවේ පවතින සියළුම කඳු ඉවත් කර එලොවේ ජනයාව එක්රැස් කරන ස්ථානය, ගස් කොළං නොමැති මහා තැනිතලාවක් වන්නේය. එමෙන්ම මෙම එක්රැස් කිරීමේදී කිසිදු මිනිසෙකුව අත් හරින්නේ නැති බවද අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.

තවද, ඔවුහු ඔබගේ 10ස්වාමියා හමුවෙහි පෙලට සිටින්නන් ලෙස සිටවනු ලබන්නෝය. ‘අපි ඔබලාව කෙසේ පළමු වතාවට මැව්වෙමුද ඒ අන්දමටම ඔබලා අප හමුවට පැමිණ සිටිහුය. එසේ නොව ඔබලාට ප්‍රතිඥා දෙනු ලැබූ වේලාව අපි ඇති නොකරන්නෙමු යි ඔබලා සිතා සිටියෙහුය’ (යැයි එලොවේදී පැවසේ.) (ශු.කු. 18:48)

            මෙම එක්රැස් කිරීමේදී චූදිතයෝ පෙලට සිටවනු ලබන්නෝය. අප ජීවත්වන මෙම ලොවේදී කෙනෙකුට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට හා කෙනෙකුට අවශ්‍ය පරිදි ප්‍රකාශ කිරීමේ නිදහසක් අල්ලාහ් ලබාදී ඇත්තේය. මේ හේතුව නිසා අප ජීවත්වන මෙම ලොවේ අල්ලාහ්ට බැණ වදින මිනිස්සුද යහතින් ජීවත් වෙති. නමුත් එලොවේදී මිනිසුන්ට වුවමනා පරිදි ක්‍රියා කිරීමට හෝ ප්‍රකාශ කිරීමට හෝ අල්ලාහ් අවස්ථා ලබා නොදෙන්නේය.

           එනම් එලොවේදී කිසිදු මිනිසෙක් අල්ලාහ් විසින් පනවනු ලබන අණවලට විරුද්ධවීමක් දක්නට නොලැබෙන්නේය. මෙනිසා සියළුදෙනාම  කිසිදු විරුද්ධවීමකින් තොරව බියෙන් යුතුව පෙලට සිටගන්නෝය. මෙසේ පෙලට සිටගත් එමෙන්ම තමාව ලොවේ ප්‍රතික්ෂේප කළ අය දෙස බලා අල්ලාහ් ‘අපි ඔබලාව කෙසේ පළමු වතාවට මැව්වෙමුද ඒ අන්දමටම ඔබලා අප හමුවට පැමිණ සිටිහුය.(ශු.කු. 18:48)යි පවසන්නේය.

             එමෙන්ම අල්ලාහ් මිනිසුන් සියල්ලන්වම එක්තරා දවසක එක්තරා වේලාවක එක්රැස් කරන බව තම වේදක මගින් ප්‍රතිඥාවක් දී තිබුණේය. එම ප්‍රතිඥාව නොපිළිගත් ජනයා හමුවෙහි අල්ලාහ්, එසේ නොව ඔබලාට ප්‍රතිඥා දෙනු ලැබූ වේලාව අපි ඇති නොකරන්නෙමු යි ඔබලා සිතා සිටියෙහුය’(ශු.කු. 18:48) යි පවසන බවද මෙම වැකිය පවසයි.

9ඉමහත්  දිනය දකින කල 12ප්‍රතික්ෂේප කළවුන්ට විපතමය. (ශු.කු.19:37)

            ඉමහත් සිදුවීම් ගණනාවක් මෙම එලෝ දිනයේදී සිදුවන බැවින්, මෙම එලෝ දිනයට අල්ලාහ් ඉමහත් දිනය යැයිද සමහර අවස්ථාවන්හි පවසයි. තමාව ලොවේ ප්‍රතික්ෂේප කළ අයට මෙම ඉමහත් දිනයේදී කිසිදු යහපතක් සිදු නොවන බවත් ඔවුන්ට එම දිනයේදී විපත්ම සිදුවන්නේය යිද අල්ලාහ් මෙම වැකියෙන් පවසයි.

ඔවුන් සියලුදෙනාවම අප 9එක්රැස් කරන දවසෙහි 17සම කිරීම් කළවුන්ගෙන්, ඔබලා සිතාගෙන සිටි ඔබලාගේ සම දෙවිවරුන් කොහිදැ?’ යි අපි අසන්නෙමු. (ශු.කු. 6:22)

           කෙනෙක් අල්ලාහ් නොවන දෙයකට නැත්නම් අල්ලාහ් නොවන්නෙකුට තම දණහිස් බිම තබා තමාගේ යටහත් භාවය පෙන්වයි නම් එය නැමදුක් යැයි ඉස්ලාමය පවසයි. එමෙන්ම කෙනෙක් තම ආගමික නායකයෙකුට හෝ වෙනත් මිනිසෙකුට දණ හිස් බිම තබා හෝ කොන්ද නමා හෝ ගෞරවය කරයි නම් එයද නැමදීමක් යැයි ඉස්ලාමය පවසයි. එමෙන්ම කෙනෙක් පිළිරුවක් හමුවෙහි තම දණහිස් බිම තබා හෝ කොන්ද නමා ගෞරවය කරයි නම් එයද නැමදීමක් යැයි ඉස්ලාමය පවසයි. මෙවැනි තමා නොවන වෙනත් දෙයකට හෝ මිනිසෙකුට හෝ වෙනත් ජීවයකට හෝ මෙසේ නැමදුම් නොකරන ලෙස අල්ලාහ් තම කුර්ආනයෙහි මිනිසාට පවසයි.

      නැමදුමට සුදුසු එකම දෙවියා තමා පමණක්ම බවද අල්ලාහ් පැහැදිලිවම පවසයි. මෙසේ අල්ලාහ් නොවන දෙයකට හෝ අල්ලාහ් නොවන්නෙකුට නැමදුමක් කිරීමෙන් එම පිළිරුව හෝ එම පුද්ගලයාව තමාගේ තත්වයට උසස් කිරීමක් කර තමාට සමකිරීමක් කරන බවද අල්ලාහ් කුර්ආනයෙහි පවසයි.මෙවැනි සම කිරීම්වලට ලක්වෙන දේට සම දෙවිවරුන් යැයි ඉස්ලාමය පවසයි.

            මෙවැනි ක්‍රියාවල යෙදෙන්නන්ට ඉස්ලාමය සමකිරීම් කරන්නන් යැයි පවසයි. සම කිරීම් කළ අයට තමා එලොවේදී සමාවක් නොදෙන බවද ඔවුන්ව නිරයේ ගින්නෙහි දමා පුළුස්සා වද වේදනාවට පත් කරන බවද අල්ලාහ්  පැහැදිලිවම පවසයි.

එහෙයින් අල්ලාහ් එලොවේදී සම කිරීම් කළ අයව පණ දී නැගිට්ටුවා, ඔබලා සිතාගෙන සිටි ඔබලාගේ සම දෙවිවරුන් කොහිදැ?’ යි අපි අසන්නෙමු. (ශු.කු. 6:22) යි මෙම වැකියෙන් පවසයි.

පසුව, ‘අපගේ 10ස්වාමියා වූ 1අල්ලාහ් කෙරෙහි දවුරා! අප 17සම කිරීම් කරන්නන්ව සිටියේ නැතැ’ යි කීම හැර වෙන කිසිවක් ඔවුන්ගේ පිළිතුර නොවන්නේය. (ශු.කු. 6:23) ලොවේ සම කිරීම් කරමින් සිටි අය එම අවස්ථාවේදී සියල්ල ඇසින් දැක අල්ලාහ් පමණක් තමන්ගේ ස්වාමියා බව පවසා, තමන්ට සිදුවීමට යන ඉරණම දැන එයින් බේරීම පිණිස එම අල්ලාහ් කෙරෙහි දිවුරා, සම කිරීම් කරන්නන් ලෙස සිටියේ නැතැ යි ඔවුහු පවසන්නෝය. නමුත් එම පිළිතුරෙන් කිසිදු ඵලක් නොවන්නේය. එයට හේතුව අල්ලාහ් ලොවේ මිනිසුන් කරන්නා වූ කාර්යයන් සියල්ල බලා සිටීම වේ.

ඔවුන්වද, 1අල්ලාහ් හැර ඔවුන් 16නැමදුම් කරමින් සිටි අයවද එක්රැස් කරන දවසෙහි, ‘ඔබලා මාගේ මෙම ගැත්තන්ව නොමඟෙහි යැව්වෙහුද? නැතිනම් ඔවුහු තමන් විසින්ම නොමඟ ගියෝදැ?’ යි ඔහු අසන්නේය. (ශු.කු. 25:17)

ඔවුන්වද, 1අල්ලාහ් හැර ඔවුන් 16නැමදුම් කරමින් සිටි අයවද එක්රැස් කරන දවසෙහි, (ශු.කු. 25:17) මෙම වැකියෙහි ඔවුන්වද, යනු සම කිරීම් කළ අයවද යන්න අර්ථය වේ. 1අල්ලාහ් හැර ඔවුන් 16නැමදුම් කරමින් සිටි අයවද(ශු.කු. 25:17)  එනම් සම කිරීම් කළ අය ලොවේදී අල්ලාහ් හැර නැමදුම් ලබමින් සිටි පිළිරූ හා ආගමික නායකයින්වද අල්ලාහ් එම අවස්ථාවේදී එක්රැස් කරන්නේය.

  මෙසේ එක්රැස් කළ අල්ලාහ්, ලොවේදී නැමදුමට ලක්වූ අයගෙන් තමන්ව නමදින ලෙසට මිනිසුන්ට පැවසුවේදැ? යි අසන්නේය. එය අල්ලාහ් කුර්ආනයෙහි මෙසේ පවසයි. ‘ඔබලා මාගේ මෙම ගැත්තන්ව නොමඟෙහි යැව්වෙහුද? නැතිනම් ඔවුහු තමන් විසින්ම නොමඟ ගියෝදැ?’ යි ඔහු අසන්නේය. (ශු.කු. 25:17)

            එහෙයින් දවසක මෙම ලොව ජීවත්වූ සියල්ලන්වම නැවත පණ දී නැගිට්ටුවා ප්‍රශ්න කිරීම පිණිස ඔවුන් සියල්ලන්වම අල්ලාහ් විසින් එක් විශාල තැනිතලාවකට එක්රැස් කරනු ලබන්නේය යන්න කුර්ආනය පැහැදිලිවම පවසන කරුණකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *