එලොව ඇතිවන දිනය හා එම කාර්යයෙහි වේගවත් භාවය

එලොව ඇතිවන දිනය හා එම කාර්යයෙහි වේගවත් භාවය

          මෙම පරිවර්තනයෙහි එලොව යැයි සඳහන් කළද, සමහර පරිවර්තනවල පරලොව යන වචනයද උපයෝගී කර ඇත. අප ජීවත්වන මෙම ලොව දවසක විනාශයට පත්කරන බව අල්ලාහ් කුර්ආනයෙහි පවසයි. එසේ විනාශයට පත්වන අවස්ථාවේදී සිටින මිනිසුන් ඇතුළු අනෙක් සියළුම ජීවීන්ද විනාශයට පත්වේ. එයට පසුව නැවත වතාවක් මෙම ලොවට වඩා වෙනස් වෙනත් ලොවක් ඇතිවන්නේය. මෙම අලුත් ලොව හා  සම්බන්ධ සිදුවීම්වලට එලොව යැයි පවසනු ලැබේ.

        මුහම්මද් (සල්) තුමා එලොව ගැන පැවසූ කල, එම ජනයා එතුමාගෙන් ඒ සම්බන්ධව ප්‍රශ්න ඇසූහ. එය කුර්ආනයේ සඳහන් වේ.

 (ඕ:නබි!) 9එලෝ දිනය විෂයෙහි ‘එය ඇතිවන්නේ කවදාදැ?’ යි ඔවුහු ඔබගෙන් අසති.(ශු.කු.79:42)

එලෝ දිනය කවදා ඇතිවන්නේදැ? යි එම ජනයා නබිවරයාගෙන් අසන බවක් අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.

එය ගැන පැවසීමට (නබි!) ඔබ හමුවෙහි කුමක් තිබේද?(ශු.කු. 79:43)

එම දිනය අසවල් දිනය යැයි පැවසීමට නබිවරයාට කුමණ දැනුමක් තිබේදැ? යි අල්ලාහ් නබිවරයාගෙන් ප්‍රශ්න කරයි.

 (එසේ නොව) ඔබගේ 10ස්වාමියා හමුවෙහිම තීරණය ඇත. (ශු.කු. 79:44)

එම දිනය කවදා ඇතිවේද? යන තීරණය අල්ලාහ් හමුවෙහි පමණක් ඇති බව ඉහත වැකියෙන් අල්ලාහ් පවසයි. එනම් එම දිනය කවදාදැ? යි අල්ලාහ් නබිවරයාට දැනුම් නොදුන් බවක් ඉහත වැකියෙන් පැවසේ.

ඔබ එය ගැන බියවන්නන්ට 57අවවාද කරන්නාමය.(ශු.කු. 79:45)

එලොව යන්නක් ඇති බව ජනයාට දැන්වීම හා එය පිළිනොගන්නන්ට එම දිනයේදී දැඩි වධ වේදනා සහිත දඞුවම් ඇති බව අවවාද කිරීම නබිවරයාගේ වගකීම බව අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.

නියතව 9එලෝ දිනය පැමිණෙන්නේමය. එක් එක් ආත්මාවටම එය 38උපයාගත් දේට 37කුලිය ලබාදීම පිණිස මම එය සඟවා තබා ඇත්තෙමි.(ශු.කු. 20:15)

කිසිදු සැකයකින් තොරව එලෝ දිනය පැමිණෙන බවක් අල්ලාහ් පවසයි. එක් එක් මිනිසාම තමා ලොවේ උපයාගත් කුසල් හා අකුසල්වලට ඵලය වශයෙන් කුලිය එලොවේදී ලබාදීම පිණිස එම දිනය කවදාදැ? යි නොකියා සඟවා තබා ඇති බවද අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.

අහස් හා පොළොවෙහි 5අදෘශ්‍යමාන  දේ අල්ලාහ්ටම අයත්ය. 9එලොව (ඇතිවීමේ) කාර්යය ඇස් පිය වැසීමක් සේ නැතිනම් එයට වඩා වේගවත් වන්නක් මිස නොමැත. නියතව 1අල්ලාහ් සියල්ල කෙරෙහි ඉමහත් හැකියාව ඇත්තාය. (ශු.කු. 16:77)

            අහස් හා පොළොවෙහි සිදුවන රහස් සියල්ලම අල්ලාහ් පමණක් දනියි. එලොව ඇතිවීමද අදෘශ්‍යමාන දේවලට අයත් කාර්යයකි. මෙම කාර්යය ඇස් පිය වැසීමක් සේ ඉතාම වේගයකින් සිදුවන බව අල්ලාහ් පවසයි. එයට හේතුව අල්ලාහ් සියළු කාර්යයන් කිරීමට ඉමහත් හැකියාවක් ඇත්තාය.

මිනිසුනි! ඔබලාගේ 10ස්වාමියාට බිය වී ක්‍රියා කරන්න. නියතව 9එලෝ දිනයෙහි කම්පනය වඩාත් දැඩි දෙයක් වේ. (ශු.කු. 22:1)

         එලොව ඇතිවීමේ කාර්යය සිදුවන අවස්ථාවේදී ඇතිවන කම්පනය දැඩි දෙයක් බව අල්ලාහ් මුළු මිනිස් වර්ගයාටම දන්වා සිටියි.

ඔබලා එය දකින දවසෙහි, කිරි පොවන එක් එක් මව තමා කිරි පෙවූ දෙය අමතක කරන්නීය. ගැබ්ගත් එක් එක් මවම තම ඉසුළුම ප්‍රසූත කරන්නීය. ඔබ මිනිසුන්ව මත් වූවන් ලෙස දකින්නෙහිය. ඔවුහු (මත්පැනින්)  මත් වූවන් නොවෙති. නමුත් 1අල්ලාහ්ගේ වධ  වේදනාව දැඩි දෙයක් වේ. (ශු.කු. 22:2)

        එලොව ඇතිවීමේ කාර්යය සිදුවීම දකින මිනිසා එහි කම්පනයේ දැඩි බව දැක අන්දමන්දයට පත්වන්නේය. ගැබ් බරින් සිටින ස්ත්‍රියක් එම සිදුවීම දුටු කල, තම දරුවාව ප්‍රසූත කරන බව අල්ලාහ් මෙහි පවසයි. එමෙන්ම තම දරුවාට කිරි පොවමින් සිටින මව තම දරුවාව දමා දුවන බවක්ද මෙහි පැවසේ. එම දිනය මිනිසුන්ව මත්වූවන් බවට පත්කරන වගක්ද අල්ලාහ් මෙහි පවසයි. එයට හේතුව මත් පැන් පානය කිරීම නොව, කම්පනයෙන් විඳීමට සිදුවන වධ වේදනාව දැකීම හා එම වධ වේධනාව අත්විඳීම වේ.

 එහෙයින් එලොව ඇතිවීමේ දිනය ගැන දන්නා අල්ලාහ් පමණක්මය. එමෙන්ම එය ක්ෂණිකව සිදුවන්නක් යන්නද කුර්ආනය මිනිසුන්ට දන්වා සිටියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *