කුර්ආනයේ වැකි වෙනස් කළ නොහැකිද?

කුර්ආනයේ  වැකි වෙනස් කළ නොහැකිද?

                        කුර්ආනයේ සමහර වැකි ගැන තමන් නොසතුටට පත්වන බැවින්  එවැනි වැකි කුර්ආනයෙන් ඉවත් කළ නොහැකිදැ? යි සමහර මුස්ලිම් නොවන සහෝදරයෝ ප්‍රශ්න කරති.

          මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට පෙර එදිනෙදා ජීවිතයේදී බලපාන ප්‍රශ්නයක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් එම ප්‍රශ්නය ගැන මනා අවබෝධයක් ඇති කරගැනීම වඩාත් පහසු කාර්යයක් වන්නේය

           කෙනෙක් තම දරුවෙකුව පාසැලකට ඇතුලත් කිරීමට අදහස්  කරයි යැයි සිතමු. එහිදී තම දරුවාව ඇතුලත් කිරීමට බාධා පමුණුවන නීතියක් ඇතැයි සිතමු. මෙහිදී අයැදුම්කරු මෙම නීතිය වෙනස් කිරීමට හෝ එම නීතිය ඉවත් තිරීමට විදුහල්පතිවරයාට නුපුළුවන්දැ? යි ප්‍රශ්නයක් මතු කළේ නම් , එය මවිසින් ඇති කරන ලද නීතියක් නොවේ. එය දෙපාර්තමෙන්තුව විසින් නිකුත් කළ නීතියක්ය. එය දෙපාර්තමේන්තුව වසින්ම කළ යුතු කාර්යයක් යැයි විදුහල්පතිවරයා පවසයි.

         කුර්ආනයේ වැකි වෙනස් කිරීම හෝ ඉවත් කිරීමද කළයුත්තේ අල්ලාහ් නම් දෙවියා විසින්මය යන්න මෙම ප්‍රශ්නයට කෙටිම පිළිතුර වේ. කුර්ආනයේ අයිතිකරු අල්ලාහ් වීම එයට හේතුව වේ.

දැන් මෙම කුර්ආනය ගැන අල්ලාහ් කුමක් පවසයිදැ? යි  බලමු.

නියතව අපි මිනිසුන් වෙනුවෙන් සත්‍යය ඇතුලත් කරගත් මෙම 2වේදකය ඔබ කෙරෙහි පහළ කළෙමු. එහෙයින්, කවරෙක් 4යහමඟ ලබයිද (එය) ඔහුටම (යහපත) වේ. කවරෙක් 23නොමඟෙහි යයිද ඔහු තමාට එරෙහිවම 23නොමඟෙහි යයි. (ශු.කු.39:41)

දැන් ඉහත 39:41 වන කුර්ආන් වැකියෙන් පවසනුයේ කුමක්දැ?යි බලමු.

නියතව අපි මිනිසුන් වෙනුවෙන් සත්‍යය ඇතුලත් කරගත් මෙම 2වේදකය ඔබ කෙරෙහි පහළ කළෙමු. එනම් මෙම  වැකියෙන් කාරණා කීපයක් පැවසේ.

             මිනිස් සමාජයේ ආරම්භයේ සිටම, මිනිසා ලොවේ කෙසේ ජීවත්විය යුතුද? මිනිසාට අනුමත කාර්යයන් මොනවාද? තහනම් කාර්යයන් මොනවාද? සත්‍යය කුමක්ද? අසත්‍යය කුමක්ද? ආරම්භකව පහළ වූ ඉස්ලාම් ආගමෙන් ඈත් වී, විවිධ ආගම් ඇතිවූයේ කෙසේද? ලොවේ ආරම්භය කෙසේවූයේද? මිනිසාගේ ආරම්භය කෙසේවූයේද? මිනිසාගේ මරණයෙන් පසුව කුමක් සිදුවේද? යනාදී වශයෙන් මිනිසා හා සම්බන්ධ සියළුම කාරණාවන් පැහැදිලිව දක්වා ඇති අල්ලාහ්ගේ පණිවුඩවල එකතුවට  වේදකය යැයි පවසනු ලැබේ. මිනිස් වර්ගයාගේ ආරම්භක සමාජයේ පටන් අවසාන සමාජය වන අප ජීවත්වන මෙම සමාජය දක්වා අල්ලාහ් විසින් වේදක පහළ කරන ලදී.

              එමෙන්ම මෙම වේදක පහළ කිරීමට අල්ලාහ් විසින් ඒ ඒ කාලවලදී ජීවත් වූ සමාජවලින් සැදැහවත් පුද්ගලයින්ව එනම් සැදැහවත් පිරිමින්ව තෝරාගන්නා ලදී. මෙවැන්නන්ට අල්ලාහ්ගේ දූතයා යැයි පවසනු ලැබේ. අප ජීවත්වන මෙම සමාජයට පැමිණි අල්ලාහ්ගේ දූතයා මුහම්මද් නබිතුමාය.

                  මෙසේ ජනයා හමුවට පැමිණි සියළුම අල්ලාහ්ගේ දූතවරුන් පැවසුවේ “අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න. ඔහු හැර අන් අයට නැමදුම් නොකරන්න!“ යනුවෙනි. නමුත් මෙම දූතවරුන්ගේ අභාවයෙන් පසු එකල ජීවත්වූ  මිනිස්සුගෙන් සමහර කොටස් අල්ලාහ්ව නැමදුම් කිරීම වෙනුවට අභාවයට පත් වූ එම අල්ලාහ්ගේ දූතවරුන්ගේ පිළිරූ තනා එම පිළිරූවලට නැමදුම් කිරීමට පටන් ගත්හ. මේ අන්දමට ඉස්ලාම් ආගම් නොවන ආගම් ලොවේ ඇති විය.ජේසු තුමා දෙවියාය, දෙවියාගේ පුත්‍රයාය යි ක්‍රිස්තියානි සමාජය පැවසුවද එතුමාද අල්ලාහ්ගේ දූතයා යි කුර්ආනය පැහැදිලිව පවසයි. ජේසුතුමාගේ විශ්මය ජනක උපතේ පටන් එතුමාගේ ජීවිතයේ අවසාන කාලය දක්වා සම්පූර්ණ කථාව ගැන කුර්ආනය පැහැදිලිව පවසයි.

           එමෙන්ම මෙම කුර්ආනය මුළු මිනිස් වර්ගයාටම උපදේශයක් ලෙස අල්ලාහ් විසින් පහළ කරන ලද වේදකයක් බවද ඉහත වැකිය පවසයි. කුර්ආනය ලොවේ වෙසෙනා සියළුම මිනිසුන්ට  උපදේශයක් ලෙස පහළ වූ වේදකයක් බැවින් ලොවේ වෙසෙනා සියළුම මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වයන් ගැන මෙම කුර්ආනය යම් යම් දේ පවසන බවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

 එහෙයින්, කවරෙක් 4යහමඟ ලබයිද (එය) ඔහුටම (යහපත) වේ. කවරෙක් 23නොමඟෙහි යයිද ඔහු තමාට එරෙහිවම 23නොමඟෙහි යයි. (ශු.කු.39:41)

        කුර්ආනය මිනිසාට යහ මාර්ගය පෙන්වන්නක් බවද, එය පිළිපැදීමෙන් යහ මාර්ගයෙහි ගමන් කිරීමේ අවස්ථාවක් උදාවෙන බවද ඉහත වැකිය පවසයි. එමෙන්ම එසේ කිරීමෙන් මිනිසා තමාටම යහපතක් සිදුකරගන්නා බවද මෙම වැකිය පවසයි.

           එමෙන්ම කෙනෙක් කුර්ආනයට පටහැනි මාර්ගයක් තෝරාගන්නේ නම් එය වැරදි මාර්ගයක් බවද, එසේ කවරෙක් හෝ ක්‍රියා කරයි නම්, එම මිනිසා තමාටම එරෙහිවම ක්‍රියා කරන බවක්ද මෙම වැකිය පවසයි.

ඔවුන් කෙරෙහි අපගේ වැකි පැහැදිලිව කියවා පෙන්වනු ලැබුවේ නම්, ‘මෙය නොවන වෙනත් කුර්ආනයක් ගෙන එන්න; නැතිනම් මෙය වෙනස් කරන්නැ’ යි අපගේ හමුවීම ගැන අපේක්ෂා නොතැබුවෝ පවසති. ‘සිය කැමැත්තට අනුව මෙය වෙනස් කිරීමට මට කිසිදු බලයක් නැත. මට 2වහී ලෙස දන්වනු ලබන දේ හැර වෙන කිසිවක් මම නොපිළිපදින්නෙමි. මම මාගේ 10ස්වාමියාට වෙනස්කම් කළේ නම් ඉමහත් දිනයෙහි වධ වේදනාව ගැන නියතව බිය වෙමි’ යි (නබි) ඔබ පවසන්න! (ශු.කු.10:15)

දැන්ඉහත වැකියෙන් පවසනුයේ කුමක්දැ? යි බලමු.

ඔවුන් කෙරෙහි අපගේ වැකි පැහැදිලිව කියවා පෙන්වනු ලැබුවේ නම්, ‘මෙය නොවන වෙනත් කුර්ආනයක් ගෙන එන්න; නැතිනම් මෙය වෙනස් කරන්නැ’ යි අපගේ හමුවීම ගැන අපේක්ෂා නොතැබුවෝ පවසති.

          කුර්ආනයේ ආරම්භක වැකියේ සිට අවසාන වැකිය දක්වා පහළවීමට අවුරුදු 23 ක් ගත විය. එනම් කුර්ආනයේ වැකි අවශ්‍යතාවයට අනුව විටින් විට පහළ විය. මුහම්මද් නබිතුමා කුර්ආනයේ වැකි ජනයාට කියවා පෙන්වූ කළ, එකල ජීවත් වූ ජනයාගෙන් සමහර කොටස් එය නොපීළිගත්හ. එවන් අවස්ථාවක් ගැන මෙම වැකියෙන් පැවසේ.

            එනම් මුහම්මද් නබිතුමා කුර්ආන් වැකිවලින් සමහරක් එම ජනයාට කියවා පෙන්වූ කල, සමහරු ‘මෙය නොවන වෙනත් කුර්ආනයක් ගෙන එන්න; නැතිනම් මෙය වෙනස් කරන්නැ’ යි එම ජනයා මුහම්මද් නබිතුමාට පැවසූ බවක් අල්ලාහ් මෙම වැකියෙන් පවසයි.

               ඉස්ලාමයේ ඉගැන්වීම්වලට අනුව, දවසක මෙම ලොව මුළුමනින්ම විනාශයට පත් වේ. එම අවස්ථාවේදී ජීවත්වෙමින් සිටින මිනිසුන් ඇතුළු සියළුම ජීවීන්ද මරණයට පත් වේ. පසුව නැවතවතාවක් පළමු මිනිසා වන අාදම් (ඇඩම්) ගේ පටන් ලොව ඉපදුන අවසාන මිනිසා දක්වා වූ සියළුම මිනිස්සු නැවත වතාවක් අල්ලාහ් විසින් පණ දී නැගිට්ටවනු ලබන්නෝය. එහිදී ලොවේ තළා වූ ක්‍රියාකාරකම් ගැන ප්‍රශ්න කිරීමක් සිදුවේ. මෙහිදී අල්ලාහ්ව විශ්වාස කර කුර්ආනයේ පැවසූ අන්දමට ජීවත් වූ ජන කොටස්වලට එනම් මුස්ලිම්වරුන්ට ස්වර්ගය ලැබේ. කුර්ආනය නොපිළිගත් නැත්නම් ප්‍රතික්ෂේප කළ ජනයා නිරයට ඇතුළු කරනු ලබන්නෝය. මෙම විභාගය අල්ලාහ් ඉදිරිපිට සිදුවේ. මෙම ක්‍රියවලියට අල්ලාහ්ගේ හමුවීම යැයි කුර්ආනය කෙටියෙන් පවසයි.

                එහෙයින් අල්ලාහ්ගේ හමුවීම ගැන අපේක්ෂාවක් නොතැබුවෝ  ‘මෙය නොවන වෙනත් කුර්ආනයක් ගෙන එන්න; නැතිනම් මෙය වෙනස් කරන්නැ’ යි අපගේ හමුවීම ගැන අපේක්ෂා නොතැබුවෝ පවසති. යි කුර්ආනය මෙම වැකියෙන් පවසයි.මේ අන්දමට එම ජනයා පැවසූ කල, එයට පිළිතුර වශයෙන් . ‘සිය කැමැත්තට අනුව මෙය වෙනස් කිරීමට මට කිසිදු බලයක් නැත යැයි පවසන ලෙසට අල්ලාහ් තම නබිවරයාට දැන්වූ බවක් මෙම වැකිය පවසයි.

                  මා මෙම පණිවුඩ දන්වනුයේ  මවිසින් ඇති කරගත්තා වූ අදහස් නොවන බවද, එම ජනයාට පවසන ලෙසටද එම පණ්වුඩ අල්ලාහ් තමාට දැන්වූ බවක්ද මෙම වැකියෙන් පැවසේ. එම පණිවුඩය  මට 2වහී ලෙස දන්වනු ලබන දේ හැර වෙන කිසිවක් මම නොපිළිපදින්නෙමි. යැයි කුර්ආනය පවසයි. මෙහි වහී යන අරාබි පදයෙහි අර්ථය ‘අල්ලාහ්ගේ පණිවුඩය‘ යන්න වේ.

             එමෙන්ම මුහම්මද් නබිවරයා සිය කැමැත්තට කුර්ආන් වැකිවල වෙනස් කිරීමක් කළේ නම්, ඉමහත් දිනය යැයි පවසනු ලබන එම විභාග දිනයේදී අල්ලාහ්ගෙන් තමාට ලැබෙන වධ වේදනාවලට තමා බිය වන බව එම ජනයාට පවසන ලෙසටද අල්ලාහ් වැඩිදුරටත් මෙම වැකියෙන් පවසයි. එය  මම මාගේ 10ස්වාමියාට වෙනස්කම් කළේ නම් ඉමහත් දිනයෙහි වධ වේදනාව ගැන නියතව බිය වෙමි’ යි (නබි) ඔබ පවසන්න! (ශු.කු.10:15) කුර්ආනයෙහි පවසා ඇත.

        එහෙයින් කුර්ආනය මිනිස් කෘතියක් නොවේ. එය සකල ලොවටම ස්වාමියා වූ අල්ලාහ් විසින් මුළු මිනිස් වර්ගයාටම උපදේශයක් ලෙස පහළ කරනු ලැබූවක් වේ. එහෙයින් කුර්ආනයේ වැකි වෙනස් කිරීමට කිසිදු කෙනෙකුට බලයක් නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *