මිනිසාගේ ස්වාමියා කවරෙක්ද?

 

මිනිසා පරිනාමවාදය තුළින් බිහි වූ ප්‍රාණියෙක්ද? නැත්නම් බලගතු කෙනෙක් විසින් මවන ලද ප්‍රාණියෙක්ද?

          මිනිසා පරිනාමවාදය තුළින් බිහිවූ සතෙකු නොවේ. අල්ලාහ්ම ආරම්භකව මිනිසාව මැව්වේය.  එමෙන්ම අල්ලාහ් මිනිසාගේ රුව ආරම්භකව මැව්වේය. එම අවස්ථාවේදී මිනිසාට ප්‍රාණයක් නොතිබුණේය. පසුව අල්ලාහ් එම පළමු මිනිසාට ප්‍රාණය ලබා දුන්නේය. ඉස්ලාමයේ ඉගැන්වීම්වලට අනුව, ගැබිණියකගේ කුසයෙහි ඇති දරුවාට පවා නියමිත දවස් ගණනකට පසුව අල්ලාහ් විසින් යවනු ලබන දේව දූතයෙකු මාර්ගයෙන් එම දරුවාට ප්‍රාණය ලබා දෙනු ලැබේ.මිනිසා අල්ලාහ් විසින් මවන ලද ජීවියෙකු බවට සනාථ කරන සාක්ෂීන් සිය ගණනක් කුර්ආනය පවසයි. කුර්ආනය යනු එකම දෙවියා වන අල්ලාහ් විසින් වර්තමාන සමාජයට දන්වන ලද දැනුම්දීම්වල එකතුවකි.

 

           එහෙයින් මුස්ලිම්වරුන් අතර පවතින දේව විශ්වාසය මුතුන්මිත්තන්ගෙන් පැවත එන ක්‍රමයක්වත්, මුස්ලිම්වරුන් විසින් ඇති කරගත් විශ්වාසයක්ද නොවේ. එය මිනිසාගේ මැවුම්කරු වන අල්ලාහ් පෙන්වා දුන් ක්‍රමය වේ. දණින් වැටී තමන්ගේ පහත් භාවය පෙන්වීම පිණිස මුස්ලිම්වරුන්ට පිළිමයක් හෝ රූපයක් හෝ අවශ්‍ය නොවේ. එයට හේතුව අල්ලාහ් සියල්ල නිරීක්ෂණය කරමින් සිටීමයි. පිදීම යන ක්‍රියාව මුස්ලිම් සමාජයේ නොමැත. එයට හේතුව අල්ලාහ් කිසිදු අවශ්‍යතාවයක් නොමැත්තාය. ඔහු පරිපූර්ණ කෙනෙකි. එහෙයින් මුස්ලිම් සමාජයේ පූජකවරුන් යන කොටසක්ද නොමැත. මෞලවිවරු මුස්ලිම් සමාජයේ මාර්ග උපදේශකයින් වෙති.

           

යමක් ඇසට නොපෙනෙන හෙයින් එවැන්නක් නොමැති බව කීමට පිළිවන්ද?

          දෙවි කෙනෙක් ඇසට නොපෙනෙන හෙයින් දෙවියෙකුව විශ්වාස කිරීම මිත්‍යාවක් බව සමහර බෞද්ධයෝ විශ්වාස කරති. නමුත් මෙම න්‍යාය සෑම දෙයකටම නොගැලපේ. සුළඟ, විදුලිය, මිනිසාගේ ප්‍රාණය වැනි දේද මිනිසාගේ ඇසට නොපෙනේ. මෙවැනි දේ ඇසට නොපෙනෙන හෙයින් මෙවැනි දේ නොමැතැ යි කීමට පිළිවන්ද? එසේ කී කල, මිනිසා එය විශ්වාස කරයිද? දේව විශ්වාසය දෙස මෙබඳු බැල්මක් බලන එම අය අනෙක් කාර්යයන්වලදී වෙනස්  බැල්මක් බලති. එනම් තමන්ගේ ඇස්වලට නොපෙනෙන බොහෝ දේවල් ඇති බව විශ්වාස කරති.

        සුළඟ, විදුලිය, ප්‍රාණය වැනි දේ මිනිසාගේ ඇසට නොපෙනේ. මෙවැනි දේ ඇසට නොපෙනුනද මෙවැනි දේ ඇති බවට මිනිසා සැකයෙන් තොරව විශ්වාස කරයි. මෙවැනි දේ ඇසට නොපෙනුනද, මෙවැනි දේවලින් සිදුවන යම් යම් භාහිර ක්‍රියාකාරකම් ඇසට පෙනෙන හෙයින් මෙවැනි දේ ඇති බව මිනිසා විශ්වාස කරයි.

        සුළඟ ඇසට නොපෙනුනද, ගස් කොළං සෙළවෙන කල, සුළඟ හමනවා යැයි කියමු. බල්බයක් දීප්තිය දෙන කල, විදුලිය තිබේ යැයි කියමු. මිනිසෙක් මැරුණ කල, ප්‍රාණය ඔහුගෙන් ඉවත්වූයේය යි මිනිසා පවසයි. එනම් සමහර දේ ඇසට නොපෙනේ. නමුත් එවැනි දේවලින් භාහිරව ඇති වන ක්‍රියාව හේතුකොටගෙන මිනිසා මෙවැනි දේ ඇති බව විශ්වාස කරයි. මිනිසෙක් මැරැන කල, ඔහුගෙන් ප්‍රාණය ඉවත්වීමක් කිසිවෙක් නොදකියි. නමුත් මිනිසාගේ හෘද ස්පන්දනය නැවතුන කල, ඔහුගෙන් ප්‍රාණය ඉවත් වූ බව පිළිගනියි.

         එහෙයින් සූර්යයාගේ ගමන, පෘථිවියේ ගමන, චන්ද්‍රයාගේ ගමන, ගංවතුරු ඇතිවීම, සුළි සුළං හැමීම, භූමි කම්පා ඇතිවීම, මිනිසාගේ ඉපදීම, මිනිසාගේ මරණය, ගස් කොළංවල වැඩීම, යනාදී වශයෙන් ලොව සිදුවන්නා වූ ක්‍රියාවන් දෙසද මිනිසා තම අවධානය යොමු කළ යුතුය. මේ සියලු දේ ස්වභාවයෙන් සිදු වේ යැයි දේව විශ්වාසයක් නොමැති අය  පවසති. මිනිසාගේ බුද්ධිය මෙහෙයවා තීරණයකට එළඹිය නොහැකි මෙවැනි කාර්යයන්වලදී, මේවා ස්වභාවයෙන්ම සිදු වේ යැයි දෙවියාව ප්‍රතික්ෂේප කරන්නා පවසයි. නමුත් ස්වභාවයෙන් ඇති වේ යන තත්වයක කිසිදු දෙයක් නොමැත යන්නම ඉස්ලාමයේ ස්ථාවරය වේ.

         ලොව ඇති අල්පනෙත්ත වැනි කුඩා ද්‍රව්‍යයක සිට පර්යේෂණවල යෙදෙන අජටාකාශ යානා දක්වා වූ සෑම දෙයකටම යම් යම් අය සම්බන්ධකමක් පවත්වන බව පැහැදිලිවම පෙනේ. කිසිම රටකට අයත් නොවූ යානයක් පැමිණියේ නම්, එය වෙනත් ලොවකින් පැමිණි යානාවක් බව මිනිසා පවසයි. එය ස්වභාවයෙන්ම ඇති වූ යානාවක් යැයි කිසිවෙක් නොපවසයි. එහෙයින් මිනිසාගේ බුද්ධියට හසු නොවන පියාඹන පීරිසි වැනි දේ පවා වෙනත් ලොවකින් පැමිණි දෙයක් යැයි මිනිසා පවසයි.මෙය තවත් විස්තරාත්මකව පවසන්නේ නම්, කිසිම කෙනෙක් අයිතිය කියා නොපාන සමහර දේවලට පවා අයිතිය කියාපාන කෙනෙක් හෝ රටක් හෝ සිටින බව මිනිසා විශ්වාස කරයි.

එහෙයින් මිනිසාගේ ආරම්භය ගැන කුර්ආනය කුමක් පවසයිදැ? යි මින් මතුවට බලමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *