එලොවේදී සිදුවන විවිධ කාර්යයන්
එලොව ඇතිවීමෙන් අනතුරුව විවිධ වැදගත් සිදුවීම් රාශියක් සිදුවේ. එලොවෙහි ඇතිවන සිදුවීම් මිනිසාට ඉතාමත් වැදගත් වන බැවින් යම් යම් සිදුවීම් මුල් කරගෙන එලෝ දිනය විවිධ නම්වලින් හැඳින් වේ.
- එලෝ දිනය
- නැගිට්ටුවනු ලබන දිනය
- එක්රැස් කරන දිනය
- විනිශ්චය දිනය
ඉන් කීපයකි.
නැගිට්ටුවනු ලබන දිනය
නැගිට්ටුවනු ලබන දිනය යැයි මෙම දිනයට කෙටියෙන් පැවසුවද, අල්ලාහ් විසින් මරණයට පත්වූවන්ව ප්‍රාණය ලබාදී නැගිට්ටවනු ලබන දිනය යන්න එහි අරුථ වේ.
නැගිට්ටවනු ලබන දිනය ගැන අල්ලාහ් තමා පහළ කළ වේදකය වන කුර්ආනයෙහි මිනිසාට දැනුම් දෙයි.
ඔබලා එහිම ජීවත්වන්නෙහුය; ඔබලා එහිම මරණයට පත්වන්නෙහුය; එහි සිටම (නැවතත්) නැගිට්ටුවනු ලබන්නෙහුය යි කීය. (ශු.කු. 7:25)
මිනිසා පොළොවෙහි ජීවත්වන බවද, එම පොළොවෙහිම මරණයට පත්වන බවද, මරණයෙන් පසුව නැගිට්ටුවන ලබන දිනයේදී නැවත වතාවක් පණ දී එම පොළොවෙන්ම නැගිට්ටවනු ලබන බවද අල්ලාහ් පවසයි.
නියතව 9එලෝ දිනය පැමිණෙන්නේමය. එහි කිසිදු සැකයක් නොමැත. තවද, නියතව 1අල්ලාහ් සොහොන්හි සිටින්නන්ව නැගිට්ටුවන්නේය. (ශු.කු. 22:7.)
එලෝ දිනය යන දිනය ඇතිවන්නේමය. එම සිදුවීමෙහි කිසිදු සැකයක් නොමැති බවද මරණයට පත්වී සොහොන්වල සිටින්නන් සියළුදෙනාවම නැවත වතාවක් පණ දී නැගිට්ටවනු ලබන බවද අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.
නැවත වතාවක් පණ දී නැගිට්ටුවීම ගැන ජනයා නගන ප්‍රශ්නවලටද අල්ලාහ් පිළිතුරු දෙයි.
මිනිසෙක් මරණයට පත්වීමෙන් අනතුරුව භූමදානය කරනු ලැබේ. මෙසේ සොහොන්ගත වූ මිනිසා කලකට පසුව දිරාපත් වී පස සමඟ මිශ්‍ර වේ. මෙසේ දිරාපත් වී පස් වූ මිනිසාව නැවත වතාවක් පණ දී නැගිට්ටුවීම සිදුවන කාර්යයක් නොවේ. මෙය විශ්වාස කළ නොහැකි කාර්යයකි යන්නම මෙය නොපිළිගන්නා ජනයාගේ වදන් විය. ජනයා විසින් මෙසේ දක්වන අදහස්වලටද අල්ලාහ් පිළිතුරු දෙයි. දැන් එය ගැන බලමු.
අපි මරණයට පත් වී, පස් හා ඇට කටු ලෙස වූ පසුවද නියතව නැගිට්ටවනු ලබන්නෙමුදැ? යි අසති. (ශු.කු.23:82)
මිනිසා මරණයට පත්වී පස් හා ඇට කටු වූ පසු නැගිට්ටවනු ලැබීම සිදුවන කාර්යක්දැ? යි මිනිසුන් ප්‍රශ්න කරන බව අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.
ඔහු කිසිම ද්‍රව්‍යයක් ලෙස නොතිබූ තත්ත්වයෙහි නියතව අපිම මෙයට පෙර ඔහුව මැව්වෙමු යි මිනිසා සිතා බලන්න එපාය? (ශු.කු.19:67)
මිනිසුන් මියයෑමෙන් පසු භූමදානය කරනු ලැබේ. එසේ භූමදානය කරනු ලැබූ මිනිසාගේ ශරීරය විනාශයට පත් වේ. කලකට පසුව මෙසේ ඉතිරිව පැවති මිනිසාගේ ඇටකටුද දිරාපත් වී නැතිව යයි. එනම් මියගිය මිනිසා කලකට පසුව කිසිදු දෙයක් යැයි පැවසීමට නොහැකි තත්වයට පත්වන්නේය. මෙසේ කිසිදු දෙයක් යැයි කීමට නොහැකි එසේ කිසිදු ඉතිරියක් නැතිව පවතින දෙයකට නැවතත් පණ ලබා දී මිනිසෙකු ලෙස පත් කළ හැකි දෙයක්දැ? යි මිනිසා අසයි.
මිනිසා නැමති ජීවියාගේ ආරම්භය පරිනාමවාදයෙන් ඇති වූ දෙයක් යැයි සමහරුන් අතර මතයක් පවතියි. කුර්ආනය මෙම මතය ප්‍රතික්ෂේප කරයි. එනම් මිනිසා නැමති ජීවයා වෙනත් ජීවයකින් පරිවර්තනයට භාජනයවීමෙන් බිහිවූ ජීවයක් යන මතය මිනිසාගේ කල්පනයක් පමණක් බව කුර්ආනය පවසයි.
මිනිසා නැමති ජීවයා නැති තත්වයක සිට අලුතින්ම මවනු ලැබූ ජීවියෙකු බව එම ජීවියාව ආරම්භකව මැවූ මැවුම්කරු වන අල්ලාහ් කුර්ආනයෙහි පවසයි. නැති තත්වයක සිට එනම් කිසිදු පෙර ඉතිරිව තිබූ දෙයක් උපයෝගී නොකර අලුතින්ම මිනිසා නැමති ජීවියාව මැවූ බව අල්ලාහ් කුර්ආනයෙහි පැහැදිලිවම පවසයි. මිනිසා නැමති ජීවයා අලුතින්ම, ආරම්භකව මවනු ලැබූ ජීවියෙකු බැවින් මරණයට පත්වූ මිනිසාව මැවීමට මරණයට පත්ව තිබූ කිසියම් දෙයක් අවශ්‍යවීමක් ඇති නොවේ යන කාරණය අල්ලාහ් කුර්ආනයෙහි පැහැදිලිවම පවසයි.
මිනිසුනි! (මරණයට පත් වූ පසු) නැගිට්ටුවීමෙහි ඔබලා සැකයෙහි ඇත් නම්, (දැනගන්න!) නියතව අපිම ඔබලාව පසින්ද, පසුව ඉන්ද්‍රිය බිංදුවෙන්ද, පසුව (ගර්භාෂ සිවියෙහි) ඇලී සිටින දෙයින්ද, පසුව හැඩගස්වනු ලැබූද, හැඩගස්වනු නොලැබූද වූ මස් පිඬෙන්ද මැව්වෙමු. ඔබලාට පැහැදිලි කිරීම පිණිසම (මෙය විස්තර කරමු.) අප සිතන දේ ගර්භාෂයන්හි නියමිත කාලයක් වන තෙක් තැන්පත් කරමු. පසුව ඔබලාව බිළිඳෙකු ලෙස පිට කරමු. ඔබලාගේ තරුණ බව ඔබලා ලබාගැනීම පිණිස (ජීවන කාලය ඇති කළෙමු.) (තරුණ වියේදී) මරණයට පත්වන්නෝද ඔබලා අතර සිටිති. තවද, දැනගත් පසු කිසිවක් නොදන්නෙකු සේ විය හැකි මහළු වයස දෙසට ගෙන යනු ලබන්නෝද ඔබලා අතර සිටිති. (ශු.කු. 22:5)
මරණයට පත් වූ මිනිසාට නැවත පණ දී නැගිට්ටුවීම ගැන සැකයෙහි සිටින්නන්ට අල්ලාහ් තවදුරටත් තමාගේ හැකියාව ගැන විස්තර කරයි.
නියතව අපිම ඔබලාව පසින්ද, එනම් පළමු මිනිසාව පසින් මැවූ බව අල්ලාහ් මෙම වැකියෙන් පවසයි. පසින් නිර්මාණය කළ මිනිස් රුවකට ප්‍රාණය ලබාදී එම රුව ප්‍රාණවත් මිනිසෙකු බවට පත් කළ ක්‍රියාව හේතු කොටගෙන තමා අසීමිත බලයකින් හා අපරිමිත හැකියාවකින් යුක්තවන්නෙකු බව අල්ලාහ් පැහැදිලිවම කුර්ආනයෙහි මිනිස් වර්ගයාට පවසයි.
පසුව ඉන්ද්‍රිය බිංදුවෙන්ද, එනම් මිනිස් වර්ගයාගේ ව්‍යාප්තවීම මිශ්‍ර ඉන්ද්‍රිය බිංදුව හේතුවෙන් සිදුවීමට ක්‍රියා කළේ තමාගේ සැළැස්ම අනුව බවද තවදුරටත් අල්ලාහ් මෙම වැකියෙන් පවසයි. පිරිමියාගෙන් හා ස්ත්‍රියගෙන් ඉන්ද්‍රිය පිටවෙන බවද අල්ලාහ් කුර්ආනයෙහි පවසයි. එයද තමාගේ සැළැස්මක් බවද අල්ලාහ් තවදුරටත් පවසයි.
පසුව (ගර්භාෂ සිවියෙහි) ඇලී සිටින දෙයින්ද, එනම් මිශ්‍ර ඉන්ද්‍රිය බිංදුව ස්ත්‍රියකගේ ගර්භාෂයෙහි ඇලී සිටිය හැකි දෙයක් ලෙස පරිවර්තනය කළේ තමාගේ සැළැස්ම අනුව බවද අල්ලාහ් මෙම වැකියෙන් මිනිස් වර්ගයාට පවසයි.
පසුව හැඩගස්වනු ලැබූද, හැඩගස්වනු නොලැබූද වූ මස් පිඬෙන්ද මැව්වෙමු. ඔබලාට පැහැදිලි කිරීම පිණිසම (මෙය විස්තර කරමු.) . මෙසේ ස්ත්‍රියකගේ ගර්භාෂයෙහි ඇලී සිටිය හැකි දෙය හැඩගස්වනු ලැබූ මස් පිඞක් ලෙසටද හැඩගස්වනු නොලැබූ මස් පිඞක් ලෙසටද පරිවර්තනය කළේ තමා බවද අල්ලාහ් මෙම වැකියෙන් මිනිස් වර්ගයාට පවසයි. තමා මිනිස් වර්ගයාගේ මැවුම්කරු බව සැකයෙන් තොරව විශ්වාස කිරීම පිණිස අල්ලාහ් මෙසේ පැහැදිලි කරන බවද මෙම වැකියෙන් පවසයි.
අප සිතන දේ ගර්භාෂයන්හි නියමිත කාලයක් වන තෙක් තැන්පත් කරමු. පසුව ඔබලාව බිළිඳෙකු ලෙස පිට කරමු. එනම් බිළිඳෙකු ලෙස ගර්භාෂයෙන් පිටකිරීමට සිතූ දෙය නියමිත කාලයක් වන තෙක් ගර්භාෂයෙහි තැන්පත් කර තැබීම තමාගේ ක්‍රියාවක් බවද අල්ලාහ් මෙහි පවසයි. එමෙන්ම බිළිඳෙකු ලෙස ගර්භාෂයෙන් පිට කිරීමට නොසිතූ දෙය එයට නියමිත කාලයකදී එම ගර්භාෂයෙන් පිට කරන බවද අල්ලාහ් මෙම වැකියෙන් වක්‍රාකාරව පවසයි.
ඔබලාගේ තරුණ බව ඔබලා ලබාගැනීම පිණිස (ජීවන කාලය ඇති කළෙමු.) (තරුණ වියේදී) මරණයට පත්වන්නෝද ඔබලා අතර සිටිති. තවද, දැනගත් පසු කිසිවක් නොදන්නෙකු සේ විය හැකි මහළු වයස දෙසට ගෙන යනු ලබන්නෝද ඔබලා අතර සිටිති. (ශු.කු. 22:5)
මෙසේ බිළිඳෙකු ලෙස ගර්භාෂයෙන් පිටකරනු ලැබූ දරුවෙකු තරුණ බව ලැබීමද, මහළු බව ලැබීමද, තරුණ වියේදී මරණයට පත්වීමද, මහළු වියේදී මරණයට පත්වීමද තමාගේ සැළැස්ම බවද අල්ලාහ් මිනිස් වර්ගයාට මතක් කරයි. මේ ආදී වශයෙන් මිනිස් වර්ගයාගේ මුල් ආරම්භය, මිනිස් ඉන්ද්‍රියයේ පරිවර්තනය, මිනිස් වර්ගයාගේ වැඩීම, එමෙන්ම මිනිස් වර්ගයාගේ මරණය මේ සියල්ලම තමා සිදු කරන කාර්යයක් බව අල්ලාහ් වැඩිදුරටත් මෙම වැකියෙන් පවසයි. මෙම කාර්යයන් දෙස අවධානය යොමු කර මරණයට පත් වූ මිනිසාට නැවත වතාවක් පණ දී නැගිට්ටුවීමේ කාර්යයද තමාට කළ හැකි කාර්යයක් බව සැකයෙන් තොරව පිළිගන්නා ලෙස අල්ලාහ් මිනිස් වර්ගයාට දන්වා සිටියි.
ගිනි තැබීමට ලක් වූ දේහවලට හා සතුන් හා මත්සයින් විසින් ආහාර වශයෙන් ගනු ලැබූ මිනිස් ශරීරවල තත්වය ගැන ඉස්ලාමය කුමක් පවසයිද?
සමහර අය තමන්ගේ ආගමික විශ්වාසය අනුව දේහවලට ගිනි තබා පුළුස්සති. එමෙන්ම සමහරු අනපේක්ෂිත ලෙස ගින්නට හසුවී පිළිස්සීමට ලක්වෙති. එමෙන්ම සමහරු මුහුදේ ගිලීම හේතු කොටගෙන මත්සයින්ගේ ආහාර බවට පත්වෙති. මෙවන් අවස්ථාවලදී බොහෝවිට ශරීරයේ කොටස් ඉතිරිවීමක් නැතිවීමට ඉඩ ඇත. මෙවන් අවස්ථාවලට ලක්වූවන්ව නැවත පණ දී නැගිට්ටුවීම විශ්වාස කළ නොහැකි කාර්යයක් යැයි සමහරු පවසති.
අල්ලාහ් පළමු මිනිසාව මැව්වේ මිනිස් සිරුරක කොටසක් හෝ ඉතිරීවීමක් හෝ උපයෝගී නොකරය. එමෙන්ම අල්ලාහ් මිශ්‍ර ඉන්ද්‍රියක්ව තිබූ දෙයක් යම් යම් පරිවර්තනයට භාජනය කර අවසාන වශයෙන් දරුවෙකුව මවගේ කුසයෙන් පිට කරයි. එමෙන්ම සමහර ගැබ්ගැනීම් දරුවෙකු නොවන තත්වයෙන් මවගේ කුසයෙන් පිට කරයි. එමෙන්ම පළමු මිනිසාව මවෙකු හෝ පියෙකු නොමැතිව ඉපිදව්වේය. එමෙන්ම ජේසු තුමාව පිරිමි සම්බන්ධතාවයක් නොමැතිව ස්ත්‍රියකගේ කුසයෙන් ‘වෙනු‘ යන තමාගේ අණය මත ඉපිදෙව්වේය. මෙම කාර්යයන් දෙස බැලීමේදී අල්ලාහ් සියළු අන්දමේ විවිධාකාර කාර්යයන් කිරීමේ හැකියාව ඇත්තෙකු බව තමාගේ කුර්ආනය මගින් පැහැදිලිව ප්‍රකාශ කරයි.
එහෙයින් මරණයට පත් මිනිසාව නැවත පණ දී නැගිට්ටුවීම යන කාර්යය සැකයෙන් තොරව සිදුවන්නක් යැයි විශ්වාස කළ හැකිය.
අල්ලාහ් එලෝ දිනයේදී චූදිතයින්ව විවිධාකාර අන්දමින් නැගිට්ටුවන්නේය.
අප ජීවත්වන ලොවට වඩා හාත්පසින් වෙනස් වූ කාර්යයන් එලොවේදී සිදුවේ. මහා පාප කාර්යයන්වල නිරතවූවන්ව අල්ලාහ් විවිධාකාර අන්දමින් එලොවේදී නැගිට්ටුවන්නේය.
පොලිය අනුභව කරන්නෝ 25ෂෛතාන් විසින් පහර දෙනු ලැබ උමතු වූවෙකු නැගිටින්නා සේ මිස (9එලොවේදී) නොනැගිටින්නෝය. (ශු.කු. 2:275)
ඉස්ලාම් ආගමට අනුව පොලිය ගෙවීම, පොලිය ලබාගැනීම, පොලිය හා සම්බන්ධ ගණන් සටහන් කර තැබීම, හා පොලී ගණු දෙනුවලට සාක්ෂි වශයෙන් පෙනී සිටීම මහා පාපවලට අයත් වේ. මෙනිසා මෙම ක්‍රියාවන් සතර ඉස්ලාමය තහනම් ක්‍රියාවන් යැයි පෙන්වා දී ඇත්තේය. මෙම පාපයන් මහා පාපයන් බව දැන දැන කවරෙක් හෝ මෙම ක්‍රියාවන්වල යෙදෙයිද ඔහු අල්ලාහ් හමුවෙහි වරදට හසුවන්නේය.
අල්ලාහ් මෙවන් වැරදි කළ අයව සිහිවිකල් වූවෙකු නැත්නම් උමතුවූවෙකු ලෙස නැගිට්ටුවන්නේය. එනම් මෙවැන්නෝ එලෝ දිනයේදී නින්දාවට පත්වන්නෝය.
කුර්ආනය නොබැලූ අය, එලොවේදී පණ දී නැගිට්ටුවීම නොපිළිගත් අය අන්ධයින් ලෙස නැගිට්ටුවනු ලබන්නෝය.
මාගේ 10ස්වාමීනී! පෙනීම ඇත්තෙකු ලෙස සිටි මාව ඔබ අන්ධයෙකු ලෙස නැගිට්ටුවේ මන්දැ? යි ඔහු අසන්නේය.(ශු.කු. 20:125)
අප ජීවත්වන ලොවේ පෙනීම් ඇත්තන් ලෙස ජීවත් වූ සමහර අය එලොවේදී පෙනීම නොමැත්තන් ලෙස එනම් අන්ධයින් ලෙස නැගිට්ටවනු ලබන්නෝය. එම අවස්ථාවේදී එම අන්ධයෝ තමන්ව පණ දී නැගිට්ටවූ තමන්ගේ සැබෑ ස්වාමියා වූ අල්ලාහ්ගෙන් මාගේ 10ස්වාමීනී! පෙනීම ඇත්තෙකු ලෙස සිටි මාව ඔබ අන්ධයෙකු ලෙස නැගිට්ටුවේ මන්දැ? යි ඔහු අසන්නේය.(ශු.කු. 20:125) යි කුර්ආනයේ මෙම වැකියෙන් පැවසේ.
එවිට අල්ලාහ් එම අන්ධයාට එසේමය. අපගේ වැකි ඔබ හමුවට පැමිණියේය. ඔබ ඒවා අමතක කළෙහිය. මේ අන්දමට අද දින ඔබද අමතක කරනු ලබහිය යි (ශු.කු. 20:126) පිළිතුර ලෙස පවසන බව කුර්ආනයේ මෙම වැකිය පවසයි.
අල්ලාහ් ඒ ඒ කාලවලදී ඒ ඒ සමූහයාට සත්‍යය පහදාදීම පිණිස වේදක පහළ කළේය. එම වේදකවල අඩංගු වැකිවලට ‘අල්ලාහ්ගේ වැකි‘ යැයි පවසනු ලැබේ. එය අල්ලාහ් පවසන විට ‘අපගේ වැකි‘ යැයි පවසයි. වර්තමාන සමාජයේ වේදකය කුර්ආනය වේ. එහෙයින් වර්තමාන සමාජයට අයත් කෙනෙක්, කුර්ආනයේ වැකි තමා හමුවට පැමිණි කල, එය කියවා වටහාගැනීමට උත්සාහ නොකර එය අමතක කළේ නම්, එවැනි කෙනෙකුට මෙම වැකිය ගැලපේ. ඔබ අල්ලාහ්ගේ වැකි අමතක කළා සේ අද දින එනම් එලෝ දිනයේදී ඔබ අල්ලාහ් විසින් උදවු නොකරනු ලබන අමතක කරනු ලැබූ පුද්ගලයින්ගේ ඝණයට ඇතුළුවන්නෙහිය යි අල්ලාහ් එදින පවසන්නේය.
ලොවේ පෙනීම ඇත්තන් ලෙස සිටි සමහරුන්ව එලොවේදී අන්ධයින් ලෙස පණ දී නැගිට්ටුවීමට හේතුවූ තවත් කාරණාවක්ද අල්ලාහ් පවසයි.
ඔවුන් අපගේ සාක්ෂීන් ප්‍රතික්ෂේප කළ හෙයින්ද, අප ඇට කටු ලෙසද, දිරාපත්වූවන් ලෙසද වූ පසු නියතව අපි අලුත් මැවීමක් ලෙස නැගිට්ටුවනු ලබන්නෙමුදැයි ඔවුන් පැවසූ හෙයින්ද මෙයම ඔවුනට නියමිත 37කුලිය වේ.(ශු.කු. 17:98)
මෙම වැකියෙහි අපගේ සාක්ෂීන් යැයි පවසා ඇත්තේ නබිවරුන් විසින් පෙන්වනු ලැබූ හාස්කම් හා අල්ලාහ්ගේ වැකි වේ. වර්තමාන සමාජය ගත් කල අල්ලාහ්ගේ වැකි යන්න එහි අරුථ වේ. එනම් කෙනෙක් කුර්ආනයේ වැකි පිළිනොගනියි නම් නැත්නම් ප්‍රතික්ෂේප කරයි නම් ඔහු එලොවේදී අන්ධයෙකු ලෙස පණ දී නැගිට්ටවනු ලබන්නේය. එමෙන්ම මරණයට පත් වූ පසු එලෝ දිනයේදී පණ දී නැගිට්ටවීම කෙනෙක් බොරුවක් බව පවසයි නම් හෝ පිළිනොගනියි නම් හෝ ප්‍රතික්ෂේප කරයි නම් ඔහුද එලෝ දිනයේදී අන්ධයෙකු ලෙස අල්ලාහ් විසින් පණ දී නැගිට්ටවනු ලබන්නේය.