නැමදුමට සුදුස්සා – 1

නැමදුමට සුදුස්සා – 1

              ඉස්ලාම් ධර්මය ගත් කල, නැමදුම යන කාර්යයට වැදගත් ස්ථානයක් ලබා දෙයි. මිනිසා විසින් කරන්නා වූ නැමදුම් කාර්යයන් ගැන ඉස්ලාම් ධර්මය ඉතාමත්ම විස්තරාත්මකව මෙන්ම පැහැදිලිව පවසන බවක් පෙනේ.      එමෙනේම ලොව ජීවත්වන්නා වූ ජනයාගෙන් වැඩි කොටසක් නැමදුම් කටයුතුවල යෙදෙති. එහෙයින් මෙම විෂයය මිනිසාගේ ජීවිතයට වැදගත් කාරණයක් වන්නේය.

දැන් ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුව නැමදුම යන වචනයට කවර අර්ථයක් දියහැකිදැ? යි දැන් බලමු.

නැමදුම යන්නෙහි අර්ථය

     කවර සමාජයට අයත් කවර පුද්ගලයෙක් වුවද නැමදුම් කාර්යයවල යෙදීම තුළින් කුසල් අපේක්ෂා කරන තත්වයකම පසු වේ.

        ‘නැමදුම’ යන වචනයට විවිධ අය විවිධ අර්ථ දක්වති. කුසල් අපේක්ෂා කර මිනිසා කරන්නා වූ සියලුම කාර්යයන්වලටම ඉස්ලාමය එය‘නැමදුමක්’ යැයි පවසයි. ඒ අනුව,

1.දණින් වැටී, තමාගේ පහත් බව පෙන්වීම

2.දන් දීම

3.යහපත් කාර්යයන් කිරීම

4.‘අදෘශ්‍යමානව උපකාර කිරීමේ හැකියාව ඇත’ යන විශ්වාසය මත, උදව් හා ආරක්ෂාව පතා    ප්‍රාර්ථනාවල යෙදීම

5.කොන්ද නමා තමාගේ පහත් බව පෙන්වීම

6.සිහි කිරීම

වැනි  කාර්යයන් ‘නැමදුම’ යන්නට අයත් වේ.

     එහෙයින් මිනිසා ‘නැමදුම්’ කාර්යයන්වල යෙදී, එමගින් කුසල් අපේක්ෂා කරයි. නමුත් එක් එක් ආගම්වල දේශනාවලට අනුව , මිනිසුන් තමන්ගේ සිත්වල ඇති කරගත් විශ්වාස එකිනෙකට වෙනස් වේ. මෙසේ ඇති කරගත් විශ්වාසයට අනුව මිනිසා නැමදුම් කටයුතුවල යෙදෙන බවක් පෙනේ.

      ලොව පවතින කවර ආගමකට අයත් කවර අයෙක් වුවද ‘නැමදුම’ මගින් කුසල් අපේක්ෂා කරන තත්වයකම පසුවේ යන්න සත්‍ය කාරණාවකි. නමුත් මෙසේ කුසල් අපේක්ෂා කරන ක්‍රමය  නැතිනම් කුසල් සොයාගන්නා මාර්ගය ආගම් අනුව එකිනෙකට වෙනස් වේ. එක් එක් අය ඇති කරගෙන ඇති විශ්වාසය මත මෙම මාර්ගයන් එකිනෙකට වෙනස් වේ.

කුසල් හා අකුසල් ප්‍රදානය කිරීම

          කෙනෙක් නැමදුමක් කර කුසල් අපේක්ෂා කරයි. තවත් කෙනෙක් අයහපත් කාර්යයක් කර තමාට අකුසල් ලැබේවි යැයි බියට පත්වෙයි. මෙහිදී කුසල් ලබාදීම හෝ අකුසල් ලබාදීම යන විෂයයන් දෙකේදීම කවරෙක් හෝ මෙම කාර්යයක් සිදු කළ යුතුය යන තත්වයක් පවතියි.

         සමහර ජන කොටස් එය ස්වභාවයෙන්ම සිදු වේ යැයි විශ්වාස කරති. නමුත් මෙම කාර්යයේදී එයට වඩා වෙනත් කාරණාවක් ඉස්ලාමය පවසයි. එනම් අල්ලාහ් නම් දෙවියා මිනිසාව මවා, අවශ්‍ය පරිසරය සකසා එනම් මිනිසාව පෝෂණය කර, මිනිසාව ආරක්ෂා කර, මිනිසාව පාලනය කරයි.

එනම් මිනිසාව මවා, පෝෂණය කර, ආරක්ෂාව සළසා, පාලනය කරන හේතුවෙන් තමා මිනිස් වර්ගයාගේ එකම සත්‍ය ස්වාමියා බව අල්ලාහ් කුර්ආනයෙහි පවසයි.

කවරෙක් කුසල් අකුසල් ලබාදෙයිද? ඔහුම කුසල් හා අකුසල් ලැබෙන කාර්යයන් මිනිසාට පැහැදිලි කළ යුතුය. මෙම විෂයය කුර්ආනය පූර්ණව ඉටු කරයි .නමුත් ස්වභාවයෙන් කුසල් හා අකුසල් ලැබේවි යැයි පවසන්නන්ට මෙපරිද්දෙන් කිව නොහැකිය. එයට හේතුව ස්වභාවය කුසල් හා අකුසල් කටයුතු ගැන කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව පෙනෙන්නට තිබේ. එනම් සමහර ආගම්වල කුසල් හා අකුසල් කාර්යයන් ගැන පවසනුයේ මිනිසාය. එමෙන්ම කුසල් හා අකුසල් ලැබෙනුයේ ස්වභාවයෙන්මය යැයිද ඔවුහු පවසති.

. නමුත් තමා හා එම ස්වභාවය අතර ඇති සම්බන්ධතාවය ගැන පැහැදිලි කිරීමක් කර නැත.

                 නමුත් ඉස්ලාම් ධර්මයේ කුසල් හා අකුසල් ලැබෙන කාරණා අංශ දෙකකින් පැවසේ. ඉන් එකක් අල්ලාහ්ය. දෙවැන්න අල්ලාහ්ගේ දූතයාය. මෙහිදී අල්ලාහ්ගේ දූතයා හා අල්ලාහ් අතර ඇති සම්බන්ධතාවය පැහැදිලිවම කුර්ආනයේ පවසා ඇත. එමෙන්ම කුර්ආනය යනු කුමක්දැ?යි කියාද කුර්ආනයේ පවසා ඇත.

මෙම කුර්ආනය අල්ලාහ් නොවන්නන් විසින් ගොතනු ලැබූ දෙයක් ලෙස නැත. එසේ නොව, මෙය මෙයට පෙර ඇති දෙය සැබෑ කරන්නක් ලෙසද, නීති රීතීන් පැහැදිලි කරන්නක් ලෙසද ඇත. මෙය සකල ලෝකයේ 10ස්වාමියාගෙන් යන්නෙහි කිසිදු සැකයක් නැත. (ශු.කු.10:37)

                 මෙම කුර්ආනය අල්ලාහ් නොවන්නන් විසින් ගොතනු ලැබූ දෙයක් නොවන බවද, මෙයට පෙර අල්ලාහ් විසින් පහළ කළා වූ වේදකයන් ගැනද මෙම කුර්ආනය පවසන බවද, මෙම කුර්ආනය මිනිස් වර්ගයාගේ ස්වාමියා වන අල්ලාහ් විසින්  පහළ කළ වේදකයක් බවද, මෙම වේදකයේ මිනිසා කළ යුතු කාරණාවන් කුමක්ද? නොකළයුතු කාරණාවන් කුමක්ද? කියා පැහැදිලි කර ඇති බවද ඉහත වැකිය පවසයි.

 

8මුහම්මද් 1අල්ලාහ්ගේ 8දූතයා වේ. (ශු.කු.48:29)

                මුහම්මද් නැමැත්තා අල්ලාහ්ගේ පණිවුඩ ජනයාට සැළ කරන දූතයා බව 48:29 වන වැකිය පවසයි. අල්ලාහ් හා මුහම්මද් (සල්) තුමා අතර ඇති සම්බන්ධතාවය කුමක්දැ? යි අල්ලාහ් කුර්ආනයේ පැහැදිලිවම පවසා ඇත.

අල්ලාහ්ගේ අනුමැතිය පරිදි (ජනයා) අවනත විය යුතුය යන්න සඳහාම හැර, අපි කිසිදු 8දූතයෙකුව නොයැව්වෙමු. (ශු.කු.4:64)

අල්ලාහ් විසින් යවනු ලැබූ දූතයාට මිනිසුන් අවනත විය යුතුය යන කාරණාව මතම දූතයින්ව ජනයා හමුවට යැවූ බව 4:64 වන කුර්ආන් වැකිය පවසයි. එහෙයින් කුර්ආනය පවසන දෙය ක්‍රියාවට නැංවිය යුතුය. එමෙන්ම අල්ලාහ්ගේ දූතයා පවසන දේද ක්‍රියාවට නැංවිය යුතුය යන කාරණා දෙකම අල්ලාහ් කුර්ආනයෙහි පවසා ඇත.

අකුසල් හා කුසල් ලබාදෙන්නා කවරෙක්ද?

එක් එක් ආත්මාවම තමා කළ යහකම්ද, තමා කළ අයහකම්ද (තමා) ඉදිරියට ගෙන එනු ලැබූවක් ලෙස දකින දවසෙහි (අයහකම් කළ ආත්මාව) තමාත්, එයත් අතර ඉතා දුරින් වූ පරතරයක් තිබිය යුතු නොවේදැ යි ප්‍රිය කරන්නේය. 1අල්ලාහ් තමා ගැන ඔබලාට අවවාද කරයි. තවද, 1අල්ලාහ් 19ගැත්තන් කෙරෙහි මහා කරුණාවන්තයා වේ. (ශු.කු.3:30)

            එක් එක්කෙනා කළ යහකම් හා අයහකම් විනිශ්චය දිනයේදී ඔවුන් ඉදිරියට ගෙන එන බවද, අයහකම් කළ මිනිසා තමාගේ අයහකම් සියල්ල දැක කණස්සල්ලට පත්වෙන බවද, 3:30 වන වැකිය පවසයි. අයහකම් කරන්නන්ට අල්ලාහ් තමා ගැන අවවාද කරන බවද, මෙම වැකිය පවසයි. කෙනෙකුට නොදන්වා දඞුවම් කිරීම යුක්තිසහගත නොවේ. එහෙයින් කරුණාවන්ත අල්ලාහ් අයහකම් කරන අයට කළින්ම මෙය ගැන අවවාද කරයි.

නියතව 1අල්ලාහ් හොඳින් 1සවන්දෙන්නා ලෙසද, 1බලන්නා ලෙසද සිටියි. (ශු.කු.4:58)

අල්ලාහ් සියල්ලටම සවන්දීගෙන සිටින බවද, සියල්ල බලා සිටින බවද 4:58 වන කුර්ආන් වැකිය පවසයි.

          එහෙයින් කෙනෙක් යහපත් කාර්යයක් සිදු කරන කල, එයද අල්ලාහ් බලමින් සිටියි. එමෙන්ම තවත් කෙනෙක් අයහපත් කාර්යයක් කරන කල, එයද බලමින් සිටියි. එහෙයින් කුසල් හෝ අකුසල් ලබාදීම අපහසු කාර්යයක් නොවේ.

            එහෙයින් මෙවැනි කුර්ආන් වැකි විශ්වාස කර යහපත් කාර්යයන්හි යෙදීම මං මුළාවීමක් හෝ අන්ධ විශ්වාශයක් නොවේ. අන්ධ විශ්වාසය යනු කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැතිව සිතිවිලි මුල් කරගෙන ක්‍රියා කිරීමම වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *