අහස්, පොළොව හා අනෙකුත් දේ මැවීම ගැන දැනගනිමු. ඉස්ලාමය පිළිනොගත් ජන කොටස් අහස්, පොළොව හා අනෙකුත් දේ ඇතිවූයේ ස්වභාවයෙන්මය යන මතය මත සිටිති. නමුත් මුස්ලිම්වරු වෙනස් මතයක් මත සිටිති. එනම් මේවා ස්වභාවයෙන් ඇතිවූයේය යන මතය මුස්ලිම්වරු ප්‍රතික්ෂේප කරති. මේ සියල්ල මවනු ලැබුවේ අල්ලාහ් විසිනි යන විශ්වාසය මත මුස්ලිම්වරු ක්‍රියා කරති. මෙම විශ්වාසය හුදෙක් පරම්පරාවෙන් Read More…
මිනිසාගේ ආරම්භය
මිනිසාගේ ආරම්භය මිනිසා නැමති ජීවියා නැති තත්වයක සිට ආරම්භකව මවනු ලැබූ ජීවියෙකි. මෙසේ මවනු ලැබූ පළමු මිනිසාගේ නම ආදම් වේ. දැන් ආදම්ගේ ආරම්භය ගැන දැනගනිමු. (අල්ලාහ් වන) ඔහු (ආදම් වන) ඔහුව පසින් නිර්මාණය කර පසුව ඔහුට ‘කුන්’ (එනම්, වෙනු) යි කීය. එසැනින්ම ඔහු (මිනිසෙකු) වූයේය. (ශු.කු.3:59) අල්ලාහ් පළමු මිනිසා වන ආදම්ව පසින් නිර්මාණය Read More…
මිනිසාගේ ස්වාමියා කවරෙක්ද?
මිනිසා පරිනාමවාදය තුළින් බිහි වූ ප්‍රාණියෙක්ද? නැත්නම් බලගතු කෙනෙක් විසින් මවන ලද ප්‍රාණියෙක්ද? මිනිසා පරිනාමවාදය තුළින් බිහිවූ සතෙකු නොවේ. අල්ලාහ්ම ආරම්භකව මිනිසාව මැව්වේය. එමෙන්ම අල්ලාහ් මිනිසාගේ රුව ආරම්භකව මැව්වේය. එම අවස්ථාවේදී මිනිසාට ප්‍රාණයක් නොතිබුණේය. පසුව අල්ලාහ් එම පළමු මිනිසාට ප්‍රාණය ලබා දුන්නේය. ඉස්ලාමයේ ඉගැන්වීම්වලට අනුව, ගැබිණියකගේ කුසයෙහි ඇති දරුවාට පවා නියමිත දවස් ගණනකට Read More…
මුස්ලිම් ස්ත්‍රීන් තම ශරීරය වස්ත්‍රවලින් ආවරණය කිරීම (එනම් අබායා වස්ත්‍රය ඇඳීම)
මුස්ලිම් ස්ත්‍රීන් තම ශරීරය වස්ත්‍රවලින් ආවරණය කිරීම (එනම් අබායා වස්ත්‍රය ඇඳීම) මුස්ලිම් ස්ත්‍රීන් තමන්ගේ ශරීරයේ අවයවයන්ගෙන් වැඩි කොටසක් කළු පැහැති රෙදිවලින් නැත්නම් අනෙක් පාට රෙදිවලින් ආවරණය කිරීම සමහර මුස්ලිම් නොවන්නන්ගේ විවේචනයට ලක් වී ඇති තවත් විෂයයකි. ඉස්ලාමයේ ඉගැන්වීම් ගත් කල, ඉස්ලාමය ‘නැමදුම් කටයුතු’ පමණක් ගැන කථා කරන ආගමක් නොවේ. ස්ත්‍රියක් කෙසේ තම ශරීරයේ Read More…
කුර්ආනයේ සිංහල පරිවර්තනය ගැන
කුර්ආනයේ සිංහල පරිවර්තනය ගැන……. කුර්ආනයේ මූල භාෂාව අරාබි භාෂාව වේ. එහෙයින් කුර්ආනයේ වැකිවල අර්ථය සිංහල බසින් කියවා වටහාගැනීමට උත්සාහ කරන අයට උපකාරයක් ලෙස මෙම පරිවර්තනය සිදු කර ඇත. කුර්ආනයේ ඇති අරාබි වචනවලට සිංහල අර්ථ දැක්වීමේදී එකම වචනයට එකම අර්ථයක් දැක්වීමට හැකි පමණින් මෙම පරිවර්තනයේදී උත්සාහ දරා ඇත. එමෙන්ම කුර්ආනයේ ඇත්තේ අල්ලාහ්ගේ කීම පමණකි. Read More…
මුහම්මද් (සල්) තුමාගේ බහු භාර්යා විවාහය
මුහම්මද් (සල්) තුමාගේ බහු භාර්යා විවාහය අවසන් සමාජය වන මෙම සමාජයට අල්ලාහ් විසින් යවනු ලැබූ දූතයා මුහම්මද් (සල්) තුමාය. (සල්) යනු, ‘සල්ලල්ලාහු අලෛහි වසල්ලම්’ යන්නෙහි කෙටි කිරීමකි. මෙය එතුමා සත්‍යය පහදාදීම හේතු කොටගෙන එතුමා වෙනුවෙන් අල්ලාහ් හමුවෙහි කරන්නා වූ ප්‍රාර්ථනාවකි. එතුමාගේ නම පවසන කල, සෑම මුස්ලිම්වරයෙක්ම එතුමා වෙනුවෙන් ප්‍රාර්ථනා කරති. ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීම් Read More…