විනිශ්චය දිනය

විනිශ්චය දිනය

කුර්ආනය විනිශ්චය දිනයක් ගැනද විස්තරව පවසයි. කුර්ආනය පවසන කාරණාවන්හි විනිශ්චය දිනයද වැදගත් ස්ථානයක් ගනී. එයට හේතුව මෙම විශ්වාසය ඇති තැනැත්තා තමාගේ ජීවිතය නිසිලෙස සකසා ගන්නේය. දැන් කුර්ආනය විනිශ්චය දිනය ගැන පවසන දේවලින් සමහරක් ගැන දැන් බලමු.

         දවසක මෙම ලොව විනාශයට පත්වන්නේය. එම අවස්ථාවේදී ජීවත්වෙමින් සිටින මිනිසා ඇතුළු සියළුම ජීවීන් එකල මරණයට පත්වන්නේය. නැවතත් වෙනස් අන්දමේ ලොවක් ඇති වේ. මෙයට එලොව යැයි පවසනු ලැබේ. මෙම එලොව ඇතිකිරීමෙන් අනතුරුව ලොව ජීවත්වූ සියළුම මිනිස්සු  නැවත අල්ලාහ් විසින් පණ දී සොහොන්වලින් නැගිට්ටවනු ලබන්නෝය.

      මෙසේ  නැවතත් පණ දී නැගිට්ටවනු ලැබූ මිනිස්සු විශාල තැනිතලාවක් බවට පරිවර්තනය කරන ලද අලුත් ලොවෙහි එනම් එලොවෙහි එක්රැස් කරනු ලබන්නෝය. අල්ලාහ් විසින් නියම කරනු ලැබූ දේව දූතයින් මාර්ගයෙන් මෙම එක්රැස් කිරීම සිදුවේ.

           මෙසේ විශාල තැනිතලාවකට එක්රැස් කරනු ලැබූ මිනිස්සු තමන් ලොවේ කළ ක්‍රියාකාරකම් ගැන ප්‍රශ්න කරනු ලබන්නෝය. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව විනිශ්චය දීමක් සිදු කෙරේ. එම විනිශ්චයෙන් පසුව චූදිතයෝ නිරයෙහි ඇතුළු කරනු ලබන්නෝය. චූදිතයන් නොවූ අයට කුර්ආනය ජයාග්‍රාහකයින් යැයි පවසයි. එහෙයින් ජයාග්‍රාහකයෝ ස්වර්ගයෙහි ඇතුළු කරනු ලබන්නෝය.

විනිශ්චය දීම එක් දිනයක සිදුවේ.

         මෙම විනිශ්චය දීම දවසක සිදු කෙරේ. එක දවසක මෙතරම් කෝටි සංඛ්‍යාත ජනතාවගෙන් ප්‍රශ්න කිරීම යන්න සිදුවිය හැකි දෙයක්දැ? යි සමහරෙක් ප්‍රශ්න කළ හැකිය. එම ප්‍රශ්නයටද කුර්ආනය පැහැදිලිවම පිළිතුරු සපයයි. අලුතින් ඇති කරනු ලබන ලොව අප වර්තමානයේ ජීවත්වන්නා වූ ලොවට වඩා සම්පූර්ණයෙන් වෙනස්ය. අප ජීවත්වන්නා වූ මෙම ලොවේ දවසක් යන්න පැය 24 ක කාලයකින් යුත් කාලයකි. නමුත් එලොවේ දවසක් යන්න පැය 24 ක කාලයක් නොවේ.

එම දිනය අප ගණන් ගන්නා වර්ෂ පනස් දහසකට සමාන වේ.

 24මලාඉකාවරුද‘ (30ජිබ්රයීල් නැමති) ‘රූහ්‘ද ඔහු දෙසට නැඟ යන්නෝය. එහි ප්‍රමාණය වර්ෂ පනස් දහසක් වේ. (ශු.කු. 70:4 )

          දේව දූතයින් වන මලාඉකාවරුද රූහ් නැමති ගේබ්‍රියල් නම් දේව දූතයාද අල්ලාහ් දෙසට එක්තරා දවසක නැග යන බව ඉහත වැකිය පවසයි. එම දවසෙහි ප්‍රමාණය අප ලොවෙහි ගණන් ගන්නා වර්ෂ පනස් දහසකට සමාන බවද මෙම වැකිය පවසයි.

විනිශ්චය දිනයෙහි අධිපති අල්ලාහ්ය.

9විනිශ්චය දිනයෙහි අධිපති(ද ඔහුමය.) (ශු.කු. 1:3)

          මෙම විනිශ්චය දිනයෙහි අධිපති අල්ලාහ්ම වේ. මිනිසුන්ගෙන් ප්‍රශ්න ඇසීම, මිනිසුන්ට සමාව දීම, මිනිසුන්ට දඞුවම් කිරීම යනාදී සියල්ල අල්ලාහ්ට පමණක් අයත් වන ක්‍රියාවන් වේ. එහෙයින් අල්ලාහ් විනිශ්චය දිනයෙහි අධිපති බව ඉහත වැකිය පවසයි.

ක්‍රිස්තියානිවරුන් හා යුචෙව්වරුන් අතරද අල්ලාහ් තම විනිශ්චය ලබාදෙන්නේය.

ක්‍රිස්තියානිවරුන් (සත්‍ය) ‘කිසිදුවක නැතැ’ යි යුදෙව්වරුද, යුදෙව්වන් (සත්‍ය) ‘කිසිදුවක නැතැ’ යි ක්‍රිස්තියානිවරුද 2වේදකය කියවාගෙනම (මාරුවෙන් මාරුවට) කියා ගනිති. මේ අන්දමටම (කිසිවක්) නොදන්නෝද මොවුන්ගේ කීමට සමානව කියති. ඔවුහු කුමක මතභේදයෙන් සිටියෝද එම (මත භේද පෙන්වූ) දෙයෙහි 1අල්ලාහ් ඔවුනතර 9එලෝ දිනයෙහි විනිශ්චය දෙන්නේය. (ශු.කු. 2:113)

           යුදෙව්වරු හා ක්‍රිස්තියානිවරු එක් පාර්ශවය අනෙක් පාර්ශවයට දොස් පවරමින් සිටියහ. විනිශ්චය දිනයේදී අල්ලාහ් මෙම විෂය ගැන තමාගේ තීන්දුව දෙන්නේය. එක් පාර්ශවයක් තවත් පාර්ශවයක ආගමට දොස් පැවරීම ගැන අල්ලාහ් විනිශ්චය දිනයේදී තමාගේ විනිශ්චය දෙන්නේය.

ක්‍රිස්තියානිවරුන් විවිධ කොටස්වලට බෙදී වෙන්වී සිටීම ගැනද අල්ලාහ් තම තීරණය ලබාදෙන්නේය.

 ‘ඕ: 29ඊසා! නියතව මම ඔබව අත්පත් කරගන්නා ලෙසද, ඔබව මා දෙසට ඔසවාගන්නා ලෙසද, 12ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් ඔබව පිරිසිදු කරන්නා ලෙසද ඔබව පිළිපදින්නන්ව, 12ප්‍රතික්ෂේප කළවුන්ට  වඩා 9අන්තිම දවස තෙක් උසස් කරන්නා ලෙසද සිටිමි. පසුව ඔබලාගේ ආපසු ඒම මා හමුවටම වේ.එකල ඔබලා කුමණ දේහි මතභේද පෙන්වමින් සිටියෙහුද එහි ඔබලා අතර මම විනිශ්චය දෙන්නෙමි’යි 1අල්ලාහ් පැවසූ දේ ගැන (සිතා බලන්න.)(ශු.කු. 3:55.)

                 කුමන්ත්‍රණ කරන්නන්ගෙන් බේරාගැනීම පිණිස ඊසා නබිවරයාව (එනම් ජේසු නබිවරයාව) තමා දෙසට ඔසවා ගන්නා බව අල්ලාහ් ජේසු නබිවරයාට කලින්ම දැන්වූ බවක් මෙම වැකියෙන් කියවේ. එමෙන්ම ජේසු නබිවරයා පැමිණි අවස්ථාවේදී පිරිසක් විශ්වාස කළ බවද පිරිසක් ප්‍රතික්ෂේප කළ බවද මෙම වැකිය පවසයි. මෙම කාරණාව සම්බන්ධවද විනිශ්චය දිනයේදී  තමාගේ විනිශ්චය දෙන බවද මෙම වැකිය පවසයි.

අල්ලාහ් යුක්තිසහගතව තම තීරණය ලබාදෙන්නේය.

අපරාධ කළ එක් එක් ආත්මාවටම පොළොවෙහි ඇති සියල්ලම තිබුණද (වධ වේදනාවෙන් බේරීමට) එය වන්දිය ලෙස දෙන්නේය. තවද ඔවුහු වධ වේදනාව දකින කල පසුතැවිල්ල සඟවාගන්නෝය. ඔවුනතර යුක්තිසහගතව තීරණය දෙනු ලැබේ. ඔවුහු අපරාධ කරවනු නොලබන්නෝය. (ශු.කු. 10:54)

              ලොවේදී අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ අයට අත්වන්න යන ඉරණම එනම් ඔවුන්ට ලැබීමට නියමිත දඞුවම ඔවුහු විනිශ්චය දිනයේදී  තමන්ගේ ඇසින්ම දැකගන්නෝය. ඒ අවස්ථාවේදී තමන්ට පොළොවේ තිබෙන සියල්ලම තිබුණද එය වන්දිය වශයෙන් දී එම වේදනාවෙන් බේරීමට එකඟවන්නෝය. මෙම අවස්ථාවවේදී අල්ලාහ් යුක්තිසහගතව තමාගේ තීරණය දෙන්නේය.

යුදෙව්වන් හා ක්‍රිස්තියානිවරුන් මත භේද පෙන්වූ විෂයන්හි අල්ලාහ් තම තීරණය ලබාදෙන්නේය.

52ඉස්රායීල්ගේ දරුවන්ව යහපත් ස්ථානයක පදිංචි කර, ඔවුනට ආහාර ලෙස පිරිසිදු දේ ලබා දුනිමු. දැනුම ඔවුන් හමුවට පැමිණෙන තෙක්, ඔවුන් (තමන් අතර) මත භේද ඇති කරගත්තේ නැත.  නියතව ඔබගේ 10ස්වාමියා, ඔවුහු කුමක් ගැන මත භේද ඇති කරගෙන සිටියෝද එහි ඔවුනතර 9එලෝ දිනයෙහි විනිශ්චය ලබා දෙන්නේය. (ශු.කු. 10:93)

           යුදෙව් සමාජයට හා ක්‍රිස්තියානි සමාජයට ඉස්රායීල්ගේ දරුවන් යැයි පවසනු ලැබේ. ඔවුන් තමන්ගේ ආගම් විෂයෙහි මත භේද ඇති කර, විවිධ කොටස්වලට වෙන්වූහ. මෙම විෂයෙහි අල්ලාහ් යුදෙව් හා ක්‍රිස්තියානි සමාජයේ මත භේද පෙන්වූ කොටස් අතරෙහි තමාගේ විනිශ්චය, විනිශ්චය දිනයේදී ලබාදෙන්නේය. එමෙන්ම ඔවුන්ගේ අවසාන සමාජය කුර්ආනය පිළිනොගැනීම ගැනද අල්ලාහ් තමාගේ විනිශ්චය ලබාදෙන්නේය.

අල්ලාහ් සියළුම මිනිස් කොටස් අතරෙහිම තම තීරණය ලබාදෙන්නේය.

කවරහු 6විශ්වාස කළෝද ඔවුන් හා, යුදෙව්වන්, සාබියීන්වරුන්, ක්‍රිස්තියානිවරුන්, ගින්නට නැමදුම් කරන්නන්, තවද, 17සම කිරීම් කළවුන් යනාදීන් අතර නියතව 1අල්ලාහ් 9එලෝ දිනයෙහි විනිශ්චය ලබාදෙන්නේය. නියතව 1අල්ලාහ් සියල්ලම විමසිල්ලෙන් බලාසිටින්නාය. (ශු.කු. 22:17)

               අල්ලාහ් එලෝ දිනයේදී සියළුම මිනිසුන්ව පණ දී නැගිට්ටුවන්නේය. ලොවේදී ආගම් විෂයෙහි නොයෙක් කොටස්වලට  බෙදී වෙන්වී සිටීම ගැන අල්ලාහ් මෙසේ පණ දී නැගිට්ටවූ මිනිසුන් අතරෙහි තමාගේ විනිශ්චය ලබාදෙන්නේය. මෙම විනිශ්චය දිනයේදී කිසිදු කෙනෙකුට බොරු පැවසීමට නොහැකිවන්නේය. එයට හේතුව අල්ලාහ් සියල්ල දෙසම විමසිල්ලෙන් බලා සිටීම වේ. සිදුවන්නට ඇති කාර්යයන් හා සිදුවූ කාර්යයන් එලෙසින්ම ගෙන හැර දැක්වීමේ හැකියාවක් අල්ලාහ් සතුය. පිළිරූවලට නැමදුම් කළ අය අතරෙහිද අල්ලාහ් තමාගේ විනිශ්චය ලබාදෙන්නේය.

අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ අය එලොවේදී අල්ලාහ්ව විශ්වාස කරන බවක් පැවසුවද එයින් ඔවුන්ට කිසිදු ඵලක් නොලැබෙන්නේය.

 ‘එම 9විනිශ්චය දිනයෙහි, 12ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන්ගේ විශ්වාසය කිසිදු ඵලක් ලබා නොදෙන්නේය. ඔවුනට අවකාශද දෙනු නොලබන්නේය’ යි (නබි) ඔබ පවසන්න! (ශු.කු. 32:29)

                             අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ අය, හා අල්ලාහ්ව පිළිනොගත් අය එලොවේදී සිදුවන කාර්යයන් තමන්ගේ ඇසින් දැකගන්නෝය. තමන් ලොවේ නැමදුම් කළ දේවලට කිසිදු බලයක් නොමැති බවද, බල සියල්ලම අල්ලාහ්ට පමණක් අයත් බවද ඒ අවස්ථාවේදී ඔවුන්ට පැහැදිලිවන්නේය. ඒ අවස්ථාවේදී ඔවුහුද අල්ලාහ්ව විශ්වාස කරන බව පවසන්නෝය. නමුත් එම විශ්වාසය ඔවුන්ට කිසිදු ඵලක් නොවන්නේය. එනිසා අල්ලාහ් ඔවුන්ට කිසිදු අවකාශයක්ද ලබානොදෙන්නේය. එනම් ඔවුන්ට දඞුවම් කිරීම ස්ථීර වන්නේය.

විනිශ්චය දිනය යන්නක් බොරුවක් යැයි පැවසූ අයද එය සත්‍යයක් බව එලොවේදී දැකගන්නෝය.

 ‘ඔබලා 49බොරු කරමින් සිටි 9විනිශ්චය දිනය මෙයය’ (යි පවසනු ලබන්නේය.) (ශු.කු. 37:21)

               වර්තමානයේ ඇති සමාජවලින් මුස්ලිම් සමාජය හැර අන් සියල්ලෝම කුර්ආනය පවසන විනිශ්චය දිනය බොරු කරමින් සිටිති. එනම් එය සත්‍යයක් බව පිළිනොගනිති. එය බොරුවක් බව පවසති. මෙසේ ක්‍රියා කිරීම විනිශ්චය දිනය බොරු කිරීම යැයි ඉස්ලාමය පවසයි. මෙසේ ලොවේදී විනිශ්චය දිනය බොරු කළ අයව එලොවේදී පණ දී නැගිට්ටුවා, ‘ඔබලා 49බොරු කරමින් සිටි 9විනිශ්චය දිනය මෙයය’ යි අල්ලාහ් ඔවුන් හමුවෙහි පවසන්නේය.

එලොවේදී සෑම මිනිසෙකුම තම ක්‍රියා සටහන් ලේඛණය දැකගන්නේය.

තවද, පොළොව තම 10ස්වාමියාගේ ආලෝකයෙන් දීප්තිමත් වී තිබෙන්නේය. (ක්‍රියා) සටහන් ලේඛණද තබනු ලබන්නේය. තවද 8නබිවරුද, සාක්ෂිකරුවෝද ගෙන එනු ලබන්නෝය. ඔවුනතර සාධාරණව විනිශ්චය දෙනු ලබන්නේය. ඔවුහු අපරාධ කරනු නොලබන්නෝය. (ශු.කු. 39:69)

                 මිනිසුන් ලොවේ කළ ක්‍රියාකාරකම් අඩංගු ලේඛණයට සටහන් ලේඛණය යැයි පවසනු ලැබේ. මිනිසුන් අතර විනිශ්චය ලබදීම පිණිස අල්ලාහ් එලොවේදී මිනිසුන්ගේ සටහන් ලේඛණ ඔවුන්ට භාරදීමට සලස්වන බවද කුර්ආනය පවසයි. එමෙන්ම නබිවරුද වෙනත් සාක්ෂිකරුවෝද ගෙන එනු ලබන්නෝය. මෙහිදී සාධාරණ විනිශ්චයක් දෙනු ලබන්නේය.

එහෙයින් කුර්ආනය පවසන විනිශ්චය දිනය යන්න සත්‍යයක්ම වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *